ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල ශක්තිමත් වීමක් පසුගිය දින කිහිපය තුළ පෙන්නුම් කරනු ලැබුවා.
එත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල පහළ ගොස් ඇති බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.
ඒ, අනුව පරිප්පු, සීනි, අර්තාපල්, බී ළුෑණු ඇතුළු අත්‍යවශ්‍යය භාණ්ඩ රැසක තොග මිල 7% කින් පමණ පහළ ගොස් ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.
එමස් සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වුවහොත් අත්‍යවශ්‍යය භාණ්ඩවල මිල තවත් පහළ යා හැකි බවයි.
ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 4.9%කින් පසුගිය දින කිහිපය තුළ ශක්තිමත්වීමක් පෙන්නුම් කළා.














ට හුකයි චන්දෙ ලග නිසා ඔය
1 TA 100 GUNAYAKIN EK PARATA UDA GIYA EWA EYI GANIN PAHALA YANNE NAHANE. APITA 2020 MULA GANIPU EWA DAN EKIN EKA GANAN BERI WEMIN YANAWA. EKAYI ATHTHA. OWA MONAWA PAHALA GIYATH APE KALISAMA INEN PAHALA WATENA EKA NAWATHINNE NAHE. ARUN ARANAWA. APITA KELAWENAWA.