spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

ඩොලරයේ ගැනුම් අනුපාතිකය අද රුපියල් 283.87ක් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297.23ක් ලෙසටයි.

ඊයේ (31) හා සැසඳීමේ දී ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 287.87ක් වූ අතර විකුණුම් මිල රුපියල් 300.92ක් වුණා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, 2022 වසරේ අප්‍රේල් මාසයෙන් පසු ඩොලරය වාර්තා කළ අඩුම ගැනුම් අනුපාතිකය මෙය බවයි සඳහන් වන්නේ.

බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක ගැණුම් මිල රුපියල් 352.30ක් ලෙසට සහ විකුණුම් මිල රුපියල් 370.94ක් ලෙසටත් දැක්වෙනවා.

ගල්ෆ් මුදල් ඇතුළු තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ද රුපියල ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

CBSL rates
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?