රුපියල ගැන අනතුරු ඇඟවීමක්

මේ දිනවල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ශක්තිමත් වෙමින් පවතින රුපියල, වසර අවසානයේදී නැවතත් දුර්වල විය හැකි බවට අනාවැකි පළවී තිබෙනවා.

එම කාලය තුළ රුපියෙල් අගය 23% කින් පමණ පහත වැටෙනු ඇති බවයි ෆිච් සොලූෂන්ස් (Fitch Solutions) ආයතනය උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය මුදල සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවුව ද, මූල්‍ය වැඩසටහනට අනුගතව කටයුතු කිරීම දුෂ්කර අභියෝගයක් වනු ඇති බව ෆිච් මූල්‍ය විසදුම් අංශයේ අවදානම් විශ්ලේෂක සේවෑන්ග් ටින් පෙන්වා දෙනවා.

විදේශ ණය ගෙවීම සඳහා සංචිතය ඉහළ නැංවීමට සිදුවීම, දුර්වල ආර්ථිකය සහ ඉදිරි මැතිවරණ ඊට බාධාවක් ඇති කළ හැකි බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව වසර අවසානය වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 390ක් පමණ දක්වා වාර්තාගත ලෙස දුර්වල විය හැකි බව ෆිච් විශ්ලේෂකයා සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46