spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුපියල ගැන අනතුරු ඇඟවීමක්

මේ දිනවල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ශක්තිමත් වෙමින් පවතින රුපියල, වසර අවසානයේදී නැවතත් දුර්වල විය හැකි බවට අනාවැකි පළවී තිබෙනවා.

එම කාලය තුළ රුපියෙල් අගය 23% කින් පමණ පහත වැටෙනු ඇති බවයි ෆිච් සොලූෂන්ස් (Fitch Solutions) ආයතනය උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය මුදල සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවුව ද, මූල්‍ය වැඩසටහනට අනුගතව කටයුතු කිරීම දුෂ්කර අභියෝගයක් වනු ඇති බව ෆිච් මූල්‍ය විසදුම් අංශයේ අවදානම් විශ්ලේෂක සේවෑන්ග් ටින් පෙන්වා දෙනවා.

විදේශ ණය ගෙවීම සඳහා සංචිතය ඉහළ නැංවීමට සිදුවීම, දුර්වල ආර්ථිකය සහ ඉදිරි මැතිවරණ ඊට බාධාවක් ඇති කළ හැකි බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව වසර අවසානය වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 390ක් පමණ දක්වා වාර්තාගත ලෙස දුර්වල විය හැකි බව ෆිච් විශ්ලේෂකයා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?