රුපියලේ අගය තවත් ඉහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේ ද රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාත අගයන්ට අනුව අද ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 334ක් ලෙසටයි.

එහි විකුණුම් මිල රුපියල් 346ක් ලෙසට දැක්වෙනවා.

ඊයේ දිනයේත් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සැලකිය යුතු අගයකින් වාර්තාගත ලෙස ශක්තිමත් වුණා.

ඊයේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 356.73 ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව රුපියල් 6.22 කින් සැලකිය යුතු ඉහළ ගියා.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් අගය රුපියල් 343.97ක් දක්වා ශක්තිමත් වී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ නිල විනිමය අනුපාත වාර්තා ඊයේ පෙන්වා දුන්නේ.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ කියාසිටියේ ශ්‍රී ලංකාව තුළ දේශපාලන ස්ථාවරත්වය සහ සාමකාමී වාතාවරණයක් ඇති කිරීම ඇතුළු ආර්ථිකයට අදාළව රජය ගෙන ඇති ප්‍රධාන තීරණ කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙමින් පවතින බවයි.

මුදල් අමාත්‍යාංශයට අනුව, 2022 සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් වූ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය 2023 පෙබරවාරි වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් දක්වා 23.5%කින් ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එය ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක වැඩිවීමක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

2022 සැප්තැම්බර් මාසයේදී 94.9% ක් වූ මූලික උද්ධමනය 2023 ජනවාරි මාසයේදී 60.1% දක්වා පහත වැටී ඇති බව ඔහු අනාවරණය කරනවා.

2022 සැප්තැම්බර් මාසයේදී පැමිණීම් 29,802ක් වූ සංචාරක පැමිණීම් 2023 පෙබරවාරි වන විට 107,639ක් දක්වා 261% කින් ඉහළ ගොස් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Dollar Price
Bank Dollars1
Bank Dollars2
Bank Dollars3
Bank Dollars4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01