රුපියලේ අගය ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

රුපියලේ අගය තීරණය වන්නේ ඩොලරයට ඇති ඉල්ලුම හා සැපයුම මත බව තහවුරු වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම, මහ බැංකුව සහ ආණ්ඩුව කෘතිමව සිදු කළ එකක් බවට පසුගිය දින කිහිපයේදී විවිධ පාර්ශව චෝදනා කළ ද එය තීරණය කෙරෙන ආකාරය මේ වන විට අනාවරණ වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබිම සම්බන්ධයෙන්, අද උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ ඩොලර් සංචිත අතින් මහ බැංකුව තවමත් දුර්වල තැනක පසුවුව ද, අවම වශයෙන් ඩොලර් බිලියන 05ක වත් සංචිතයක් ඇති කර ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවයි.

එසේම ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිත IMFණය වාරික මුදල, ලෝක බැංකුවේ ණය ආධාර මුදල සහ ආසියානු සංවර්ධන අරමුදලේ ණය ආධාර මුදල ලැබුණු පසු, එය ධනාත්මකව ආර්ථිකයට බලපාන බව ද සියඹලාපිටිය මහතා සඳහන් කළා.

ඩොලර් සංචිත වැඩිවීමට, රුපියලේ අගය වැඩිවීමට මෙන්ම භාණ්ඩ මිල අඩුවීමට එම කරුණු සුවිශේෂිව බලපාන බවයි අමාත්‍යවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30