රුපියල් 75,000 ක මුදලක් කොල්ල කා පුද්ගලයෙක් පලා යයි

උල් පිහියක් රැගෙන මහවිල මිරිස්වත්ත නිවසකට කඩා වැදී නිවෙස් හිමි කාන්තාවගේ ගෙලට පිහියක් තබා රුපියල් 75,000 ක මුදලක් කොල්ල කා පලාගිය ” ඇඟිල්ලා ” අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව අලුබෝමුල්ල පොලිසිය පවසනවා.

නිවසේ ප්‍රධාන දොරටුව අභියස පුද්ගලයකු සිට දැක දොර විවෘත කර පරික්ෂා කිරීමේදී දීර්ඝ කාලයක සිට දන්නා හඳුනන පුද්ගලයකු වන දිනේෂ් මංජු හේමසිරි හෙවත් ඇඟිල්ලා යන පුද්ගලයා සිට ඇති අතර ඒ සමගම ඔහු නිවෙස තුළට කඩා වැදී නිවෙසි කාන්තාවගේ ගෙලට පිහිය තබා මුදල් ලබා දෙන ලෙස මරණීය තර්ජනය කර තිබූ බව පොලිසිය පවසනවා.

බිය වු නිවෙස් හිමි කාන්තාව කොල්ලකරු සමග නිවස තුලට ගොස් අල්මාරියේ තබා තිබූ රුපියල් 75000 කොල්ල කරු අතට ලබාදීමෙන් අනතුරුව පලාගොස් තිබූ බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

අදාල අපරාධයට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන අතර අලුබෝමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14