spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් 50ත් 58ත් අතර මිලක් බිත්තරයකට ඉල්ලයි

බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිලේ සංශෝධනයක් ඉදිරි සතියේ දී සිදුවනු ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.

බිත්තර මිල පාලනය කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට ගොනුකළ පෙත්සමට අදාළ නඩු විභාගයට එක්වීමෙන් අනතුරුව එම සංගමය මාධ්‍ය වෙත අදහස් දක්විමින් මේ බව කියා සිටියා.

එහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ බිත්තරයක් රුපියල් 50.00ත් 58.00ත් අතර මිලකට අලෙවි කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

පසුගිය අගෝස්තු මස 19 වනදා බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කළා.

එයට විරෝධය පා බිත්තර නිෂ්පාදකයින් සැප්තැම්බර් මස 15 වන දින පෙත්සමක් ගොනුකළ අතර එම නඩුව ඊයේ (07) දිනයේ දී කැඳවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?