රුපියල් 2කට ඇසිඩ් ගහලා – මුහුණ පිළිස්සී බරපතළයි

මහා මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇති සිදුවීමක් පිළිබඳ පුවතක් නාකියාදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ 40 හැවිරිදි වියෙහි පසුවන තැනැත්තෙක්.

ප්‍රහාරයෙන් මෙම පුද්ගලයා බරපතළ තුවාළ ලබා ඇති බව උඩුගම පොලීසිය ප්‍රකාශ කළා.

මේවන විට ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මේ අතර මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කොට ඇත්තේ එම ප්‍රදේශයේම වෙළඳසැලක හිමිකරුවෙකු බව යි අප වාර්තාකරු සඳහන් කළේ.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ තැනැත්තාගේ වෙළඳසැලේ දී සිදු වූ මත ගැටුමක් දුරදිග ගොස් මෙය සිදුව ඇති බවට යි මේවන විට අනාවරණය වී ඇත්තේ.

ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ තැනැත්තා පසුගිය දිනක වෙළඳසැල වෙත පැමිණ ඇත්තේ බීඩි මිල දී ගැනීමට යි.

බීඩියක මිල රුපියල් 07ක් බවට එම අවස්ථාවේ දී වෙළඳසැල් හිමිකරු පවසා ඇතත්, මේවන විට රෝහල්ගතව සිටින තැනැත්තා තර්ක කොට ඇත්තේ බීඩියක මිල රුපියල් 05ක් බවට යි.

රුපියල් 02කින් බීඩියක මිල අඩු කරගැනීමට ගත් උත්සාහය මත ඇති වූ කතාබහ පදනම් කරගෙන එම අවස්ථාවේ දී දෙදෙනා අතර මත ගැටුමක් හටගෙන තිබෙනවා.

ඊට පසු දිනෙක වෙළඳසැල් හිමිකරු විසින් අනෙක් පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටිය දී ඇසිඩ් ප්‍රහාරය සිදු කොට ඇති බවට යි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

ඇසිඩ් වැදීමෙන් අදාළ තැනැත්තාගේ මුහුණ සහ අතපය ප්‍රදේශවලට දැඩි තුවාළ සිදුව තිබෙනවා.

මේ අතර ප්‍රහාරය එල්ල කළ වෙළඳසැල් හිමියා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවත් උඩුගම පොලීසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියට්නාම් ජනාධිපති කතාකරද්දී හිටපු ජනාධිපති ගැලරියේ
06:10
Video thumbnail
කපිලගේ ම#ණය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
03:13
Video thumbnail
ආණ්ඩුවේ තක්කඩිකමට ඉඩ දෙන්න එපා - භාණ්ඩාගාරයේ තියෙන්නේ අනුරගේ සල්ලි නෙමෙයි
04:36
Video thumbnail
අල්ලස් කොමිසමේ නිලධාරින්ට විශ්වයෙන් පණිවිඩ එනවද ?..කපිල ගැන ගම්මන්පිල කරපු හෙළිදරව්ව
02:00
Video thumbnail
අනුර පචේ මේ අහපන් - හොරා කෑවා තවත් මදිද
02:41
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ දේහය අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ගෙන ගිය හැටි
01:53
Video thumbnail
කපිලගේ මරණය ගැන අපිටත් කම්පනයක් තියෙනවා
09:55
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශයෙන් රහස් රැසක් හෙළිවෙයි..?
08:32
Video thumbnail
මාලිමා පාක්ෂිකයෙක්ගේ නමක් ගහපු නිසා මහරගම න.සභාව යුද පිටියක් වෙයි..ඇයි ලයිට් OFF කරන්නේ..හූ හූ
14:19
Video thumbnail
මට මේ රටේ ඉන්න බයයි - මාව ඉවර කරන්න හදනවා
01:43