රුපියල් 100ට වී මිලදී ගැනීම ඇරඹෙයි (ඡායාරූප)

වී මිලදී ගැනීම හා අඩු ආදායම්ලාභී පවුල් සදහා නොමිලයේ සහල් ලබා දීමේ වැඩ පිළිවෙල යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතු අනුරාධපුර මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සමූපකාර සංගමය මගින් අද ආරම්භ කෙරුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී එහි සමාරම්භක උත්සවය පැවැති අතර පලාගල ප්‍රාදේශීය ලේකම් සුජීව විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම සමාරම්භක උත්වය පැවැත් වුණේ.

පලාගල බුදුගේහින්න දේවහූව රයිස් මීල් ආයතනයේදී එම සමාරම්භක වැඩසටහන පැවැති අතර, වැඩසටහන ආරම්භ කරමින් මුල්ම වී තොගය මිළදී ගෙන කිලෝවකට රුපියල් 100 බැගින් වූ මිල ගණන් යටතේ වූ මුදල් චෙක්පත් ලබා දීමද ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුලු ආරාධිතත පිරිස අතින් සිදුවූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

උපරිමය තෙතමනය 14%ක් හා බොල් ප්‍රමාණය 09%ක් වන වී කිලෝවක් රුපියල් 100 බැගින් මෙහිදී ගොවීන්ගෙන් මිළදී ගනු ඇති.

එසේම අක්කරයක වී වගාවක් කර ඇති ගොවියකුගෙන් වී කිලෝ 2000ක් ද අක්කර 1-2 දක්වා වී වගාවක් කර ඇති ගොවිකුගෙන් වී කිලෝ 4000ක් ද අක්කර 2ට වැඩි වීවගාවක් කර ඇති ගොවියකුගෙන් වී කිලෝ ග්රැම් 5000ක් ද මෙහිදී මිලදී ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14