spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් 100ට වී මිලදී ගැනීම ඇරඹෙයි (ඡායාරූප)

වී මිලදී ගැනීම හා අඩු ආදායම්ලාභී පවුල් සදහා නොමිලයේ සහල් ලබා දීමේ වැඩ පිළිවෙල යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතු අනුරාධපුර මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සමූපකාර සංගමය මගින් අද ආරම්භ කෙරුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී එහි සමාරම්භක උත්සවය පැවැති අතර පලාගල ප්‍රාදේශීය ලේකම් සුජීව විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම සමාරම්භක උත්වය පැවැත් වුණේ.

පලාගල බුදුගේහින්න දේවහූව රයිස් මීල් ආයතනයේදී එම සමාරම්භක වැඩසටහන පැවැති අතර, වැඩසටහන ආරම්භ කරමින් මුල්ම වී තොගය මිළදී ගෙන කිලෝවකට රුපියල් 100 බැගින් වූ මිල ගණන් යටතේ වූ මුදල් චෙක්පත් ලබා දීමද ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුලු ආරාධිතත පිරිස අතින් සිදුවූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

උපරිමය තෙතමනය 14%ක් හා බොල් ප්‍රමාණය 09%ක් වන වී කිලෝවක් රුපියල් 100 බැගින් මෙහිදී ගොවීන්ගෙන් මිළදී ගනු ඇති.

එසේම අක්කරයක වී වගාවක් කර ඇති ගොවියකුගෙන් වී කිලෝ 2000ක් ද අක්කර 1-2 දක්වා වී වගාවක් කර ඇති ගොවිකුගෙන් වී කිලෝ 4000ක් ද අක්කර 2ට වැඩි වීවගාවක් කර ඇති ගොවියකුගෙන් වී කිලෝ ග්රැම් 5000ක් ද මෙහිදී මිලදී ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?