රුපියල් හැත්තෑ දෙලක්ෂය ඉක්ම වූ විදෙස් දුම්වැටි සමග දෙදෙනකු අත්අඩංගුවට

රුපියල් හැත්තෑ දෙලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු අද (24) දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර අනෙක් පුද්ගලයා ගම්පහ, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක් බවයි.

සැකකරුවන් දෙදෙනාම මෙරට රියැදුරු වෘත්තියේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙක්.

මොවුන් අද අලුයම 02.45ට සාජා නුවර සිට ගල්ෆ් ගුවන් සේවයේ 8 ඩී.- 9587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු 04 තුළ විදේශීය නිෂ්පාදිත ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි 48,000ක් අඩංගු දුම්වැටි කාටූන් 240ක් සඟවා ගෙන සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ වනවිට සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඔවුන් හෙට (25) දින දුම්වැටි තොගයත් සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56