රුපියල් ලක්ෂ 56ක වටිනාකමක් ඇති රන්භාණ්ඩ සහ ලැප්ටොප් තොගයක් හොරෙන් ගෙනා කතක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ පනස් හයක් වටිනා ස්වර්ණාභරණ, ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, තීරුබදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක් ඊයේ (01) දින දහවල් ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ, සැකකාරිණිය මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් බවයි.

ඇය ඊයේ උදෑසන 07.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකාරිණිය විසින් රැගෙන එන ලද ගමන් මළු තුළ රන් මාල 23 ක්, රන් කැබැල්ලක්, අත් පළදනා 03ක්, කරාබු ජෝඩු සහ කරමාල, ලැප්ටොප් පරිගණක 06 ක් සහ ජංගම දුරකථන 11 ක් සූක්ෂ්ම ව සඟවාගෙන සිටියදී සොයා ගැනුණා.

ඇය පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත කොට්ඨාස බුද්ධි අංශයෙන් ලැබී තිබූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

මේ වනවිට මෙම ව්‍යාපාරික කාන්තාව සහ ඇය විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණඩ තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතුවලට කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14