රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් ගජමුතු සමග සැකකරුවෙකු අල්ලයි

විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් සිදු කරන ලද මෙහෙයුමකින් ඊයේ (24) පස්වරුවේ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනුණා.

මෙම පුද්ගලයා සතු ව තිබී රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් ගජමුතු 02ක් සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පොලිස් වසමේ කොළඹ පාර – පාලවිය හන්දියේ දී යි.

සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයකු බවත් හෙළි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.