රූපවාහිනී නිවේදකයෙකු සහ ඔහුගේ පෙම්වතාගේ බවට සැක සිරුරු දෙකක් සොයා ගනී

සිඩ්නි නුවරදී ඝාතනය කළ බවට සැක කෙරෙන හිටපු රූපවාහිනී නිවේදකයෙකු සහ ඔහුගේ පෙම්වතාගේ බවට සැක කෙරෙන සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

අතුරුදන්ව සිටි ජෙසී බෙයාර්ඩ් සහ ලූක් ඩේවිස් යන දෙදෙනා සෙවීමේ මෙහෙයුම් අතර බංගෝනියා නගරයේ ග්‍රාමීය ප්‍රදේශයක තිබී මළ සිරුරු දෙකක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් කැරන් වෙබ් පැවසුවේ සොයාගෙන ඇත්තේ අතුරුදන් වූ යුවළගේ සිරුරු බවට විශ්වාස කරන බවයි.

රූපවාහිනී නිවේදකයා සමඟ මීට පෙර සබඳතාවක් පවත්වාගෙන ගිය පොලිස් නිලධාරියෙකු වන ලැමරේ-කොන්ඩන් මෙම ඝාතන සිදු කර ඇති බවට චෝදනා එල්ල වනවා.

පොලිසිය පැවසුවේ මුලදී විමර්ශනයට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කළ සැකකාර පොලිස් නිලධාරියා අඟහරුවාදා උදෑසන මළ සිරුරු දෙක පිහිටි ස්ථානය හෙළි කළ බවයි.

සැකකාර පොලිස් නිලධාරියා බෙයාර්ඩ්ගේ පැඩිංටන්හි පිහිටි නිවසේදී රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා මෙම ඝාතන සිදු කර සුදු වෑන් රථයකින් සිරුරු ප්‍රවාහනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ වඩාත් අවධානයට ලක්ව ඇති මෙම සිදුවීම දශක ගණනාවකට පසු නිව් සවුත් වේල්ස් පොලිස් නිලධාරියෙකු විසින් සිදු කරන ලද පළමු ඝාතනය ලෙසටයි විශ්වාස කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ අනුරාධපුර රැස්වීම අති සාර්ථක වෙයි
01:05
Video thumbnail
නාමල් රාජපක්ෂ වෙනුවෙන් දෙයියෝ ළඟට ගිය මිනිස්සු අත් දෙක එකතු කරලා ඉල්ලපු ඉල්ලීම..
00:11
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බේරුවල මහා ජන රැළිය
00:00
Video thumbnail
නාමල් වෙනුවෙන් රනිල් හඬ නගයි
00:35
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21