රිෂාබ් පාන්ට්ට ඉක්මන් සුවය පතා ඉන්දීය පිළේ ක්‍රීඩකයින් පූජාවක

නවසීලන්තය සමඟ ඉන්දෝර් හි හෙට (24) ආරම්භවීමට නියමිත තුන්වන සහ අවසන් එක්දින තරගයට පෙර ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් උජ්ජයින් හි සුප්‍රසිද්ධ මහාකාලේස්වර් කෝවිලට ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය කණ්ඩායමේ සූර්යකුමාර් යාදෙව්, කුල්දීප් යාදෙව් සහ වොෂින්ටන් සුන්දර් මෙලෙස මහාකාලේස්වර් කෝවිලට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා දරුණු රිය අනතුරකට පත්ව ප්‍රථිකාර ලබන ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට්ට ඉක්මන් සුවය පතා ආශීර්වාද කිරීමේ අරමුණ ඇතිව ඔවුන් මෙලෙස කෝවිලට ගොස් පූජා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

“රිෂාබ් පාන්ට් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළා. ඔහුගේ නැවත පැමිණීම අපට ඉතා වැදගත්” යනුවෙන් සූර්යකුමාර් එහිදී මාධ්‍යට පවසා තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් පසුගිය දෙසැම්බර් 30 වැනි දින අලුයම අධිවේගී මාර්ගයක දී ඔහු ගමන් ගත මෝටර් රථය අනතුරට පත්ව බරපතළ තුවාල ලැබුවා.

එහිදී ඔහු ඩෙහ්රාඩුන් හි මැක්ස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර, වැඩිදුර ප්‍රථිකාර සඳහා ගුවන් මඟින් මුම්බායි වෙත ගෙන ඒමටයි පසුව කටයුතු කරනු ලැබුවේ.

මේ වනවිට රිෂාබ් පාන්ට්ගේ තත්ත්වය යහපත් අතර හැරෙමින් පවතින බවයි ඔහුට ප්‍රථිකාර කරන වෛද්‍ය කණ්ඩායමේ සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31