රිෂාඩ්ගේ පවුලේ සියලු දෙනා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න අවශ්‍යයි – රජයේ ඇමතිවරයෙකු කියයි

ගැහුණු දරුවන් ලිංගික හිංසනවලට ලක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දින්ගේ පවුලේ සාමාජිකයින් වෙත එල්ලවන චෝදන ඇත්තනම් එම පවුලේ සියලු දෙනා මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු බවයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා.

“තම නිවසේ මෙහෙකාර සේවය සඳහා ගෙන්වන ලද අඩු වයස් දරුවන් මෙන්ම වෙනත් කාන්තාවන් ගණනාවකට ලිංගික හිංසනයන්ට වගේම පිළිස්සීම හා පහරදීම් ලක් කර ඇති බවට රිෂාඩ් බදුර්දීන් හා ඔහුගේ පවුළේ සාමාජිකයින් ගණනාවකට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම චෝදනා ඇත්ත නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා මෙන්ම ඔවුන්ගේ පවුළේ සියලු දෙනා මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කොට මොළේ පරීක්ෂා කළ යුතු” යැයි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

” බාල වයස්කාර දැරියක් ගිනි තබාගෙන මිය යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ චෝදනා මත දැන් හෙළිවෙමින් පවතින කරුණු අනුව පෙනී යන්නේ රිෂාඩ් බදුර්දීන් ගේ පවුළේ අය මෙහෙකාර සේවයට නිවසට ආ කාන්තාවන් රැසක් ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කර ඇති බවයි. මාධ්‍ය විසින් පළ කරන තොරතුරු අනුව එම චෝදනා ඉතාමත් බරපතලයි. තමන්ගේ නිවසට මෙහෙකාර සේවයට ආ කාන්තාවන් ඒ අන්දමින් ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කර ඇත්නම් ඒක බරපතල අපරාධයක්.

අමනුස්සයන් මෙන් මේ ආකාරයට කටයුතු කළ හැකි දැයි සිතා බැලිය යුතුයි. සතෙකුටවත් හිංසා කිරීමට සැබෑ මනුස්සයින්ට නම් කළ නොහැකියි. ඒ නිසා මේ චෝදනා ඇත්ත නම් ඔවුන්ගේ පවුළේ සියලු දෙනාම මානසික වෛද්‍ය පරීක්ෂාවකට ලක් කළ යුතුයි.

අනික් කාරණය තමයි අඩු වයස් දරුවන් මේ අන්දමට නිවෙස්වල බැළ මෙහෙවරකම් කිරීමට යොමු කිරීම සම්බන්ධව ඒ මව්පියන් ගැනත් සොයා බැලීමක් කළ යුතුයි. දුප්පත්කම හෝ අඟහිඟකම් තිබිය හැකියි. ඒ මව්පියවරු දැන් කියන්නේ ණය මුදලක් පියවීමට තිබු නිසා ඒ ගැහැණු දරුවා මෙහෙකාර කමට දුන්නා කියායි. එතකොට පැහැදිළීව පෙනෙනවා මුදල් අපේක්ෂාවෙන්ම ඒ දරුවා විකුණළා කියළා. ඒ නිසා අඩු වයස් දරුවෙක් මේ අන්දමින් මෙහෙකාර සේවයට යෙදවීම ගැන ඒ මව්පියන්ටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

කොහොම වුනත් මෙවැනි අමනුස්ස ක්‍රියාකාරකම් ශිෂ්ට සමාජයක් විසින් අනුමත කරන්නේ නැහැ.මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදුවෙනවා. දැන් හෙළිදරව් වන කාරණා අනුව රිෂාඩ් බදුර්දීන්ලා තම ගෙවල් ඇතුළේ මෙහෙකාර සේවය කරන අහිංසක දරුවන් හා කාන්තාවන් සම්බන්ධව කටයුතු කර තිබෙන ආකාරය ඉතාමත් නින්දිතයි” අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56