රිය අනතුරෙන් මියගිය දැරියට සහ තුවාල ලැබුවන්ට සාධාරණය ඉල්ලා මාර්ගයක් වසයි

යටියන්තොට ඉංගිරියාවත්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් මියගිය 5 හැවිරිදි දැරියට සහ තුවාල ලැබූ ඇයගේ මවට සහ සීයාට සාධාරණය ඉල්ලා අද විරෝධතාවක් පැවැත්වුණා.

පෙරේදා (20) සවස, සිදු වූ මෙම අනතුරින් කුඩා දැරියගේ ඇගේ මව සහ සීයා බරපතල තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

හැටන් දෙස සිට යටියන්තොට දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක්, මාර්ගයේ වැරදි දිශාවෙන් ගමන් කර කිතුල්ගල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුවී තිබුණේ.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා අනතුර සිදු වූ අවස්ථාවේ වෑන් රථය පැදවූ පුද්ගලයා නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඒ අනුව කිතුල්ගල පොලිසිය මගින් මෙම අනතුර සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකර දෙන ලෙසට ඉල්ලමිනුයි පිරිසක් අද කොළඹ හැටන් මාර්ගය යටියන්තොට ඉංගිරියාවත්ත ප්‍රදේශයෙන් අවහිර කර උද්ඝෝෂණයේ නිරත වූයේ.

දැරියගේ දේහය ද එම ස්ථානයට රැගෙන ආ අතර, සීතාවක කොට්ඨාශ 1 භාර සහකාර පොලිස් අධිකාරීවරයා එම ස්ථානයට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන බව පැවසීමෙන් අනතුරුව පිරිස විසිර ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14