spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රිය අනතුරෙන් මියගිය දැරියට සහ තුවාල ලැබුවන්ට සාධාරණය ඉල්ලා මාර්ගයක් වසයි

යටියන්තොට ඉංගිරියාවත්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් මියගිය 5 හැවිරිදි දැරියට සහ තුවාල ලැබූ ඇයගේ මවට සහ සීයාට සාධාරණය ඉල්ලා අද විරෝධතාවක් පැවැත්වුණා.

පෙරේදා (20) සවස, සිදු වූ මෙම අනතුරින් කුඩා දැරියගේ ඇගේ මව සහ සීයා බරපතල තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

හැටන් දෙස සිට යටියන්තොට දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක්, මාර්ගයේ වැරදි දිශාවෙන් ගමන් කර කිතුල්ගල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුවී තිබුණේ.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා අනතුර සිදු වූ අවස්ථාවේ වෑන් රථය පැදවූ පුද්ගලයා නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඒ අනුව කිතුල්ගල පොලිසිය මගින් මෙම අනතුර සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකර දෙන ලෙසට ඉල්ලමිනුයි පිරිසක් අද කොළඹ හැටන් මාර්ගය යටියන්තොට ඉංගිරියාවත්ත ප්‍රදේශයෙන් අවහිර කර උද්ඝෝෂණයේ නිරත වූයේ.

දැරියගේ දේහය ද එම ස්ථානයට රැගෙන ආ අතර, සීතාවක කොට්ඨාශ 1 භාර සහකාර පොලිස් අධිකාරීවරයා එම ස්ථානයට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන බව පැවසීමෙන් අනතුරුව පිරිස විසිර ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?