රිය අනතුරුවල වර්ධනයක් -පොලීසිය

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එයින් මරණ 8ක් ම ඊයේ (21) දින සිදුවු රිය අනතුරුවලින් සිදුව ඇති බවය.

දිනකට මරණ 11ක් වාර්තාවීම සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යෑමක් ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සිදුව ඇති මරණවලින් පදිකයින් දෙදෙනෙක්, යතුරුපැදිවල ගමන් කළ 6ක්, පාපැදිවල ගමන් කළ 2ක් සහ ලොරි රථයක ගමන් කළ එක් අයෙක් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේය.

මාර්ගයේ ගමන්කරන පදිකයින් වැඩිවශයෙන් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වන බව ද ඔහු පැවසීය.

මේ අතර ඊයේ කොළඹ – පුත්තලම මාර්ගයේ පුබුදුගම හංදියේ දී මුන්දලම දෙසට ධාවනය වු ත්‍රීරෝධ රථයක් එම දිසාවට ම ඉදිරියෙන් ගමන්කළ පා පැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු පා පැදිකරු හා ත්‍රීරෝද රථයේ රියදුරු මුන්දලම රෝහලට ඇතුළුත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට මාරු කර යැවීමේ දී පාපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වු මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර නොරොච්චෝලය පොලිස් වසමේ කල්පිටිය – පාලවිය මාර්ගයේ කොයියන්සේන හංදියේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෑන් රථයක් විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා ඇත.

රෝහල් ගත කිරීමේ දී 31 හැවිරිදි කල්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව මියගොස් තිබේ.

ගිරාදුරුකෝට්ටේ රත්කිද බැරියල් හංදිය මාර්ගයේ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරනි යතුරුපැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා මහියංගනය රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණයෙකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39