රිය අනතුරකින් මන්ත්‍රීවරියක් මිය යයි

මීපේ -ඉංගිරිය මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. මීපේ -ඉංගිරිය මාර්ගයේ අංගම්පිටිය – උළුකැටිය ප්‍රදේශයේදී ඊයේ (04) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් මෙලෙස කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරු පැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියෙහි පසුවූ පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් බවයි පැවසෙන්නෙ.

සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන පාදුක්ක පොලිසිය මඟින් සිදු කරයි.