රියාන්ගේ මංගල එක්දින කඩුල්ලට ගොදුරු වූ අවිශ්ක

රියාන්ගේ මංගල එක්දින කඩුල්ලට ගොදුරු වූ අවිශ්ක

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් දිනා ගැනීමට අද දිනයේ දී (07) සමත් වූ රියාන් පරාග් සිය මංගල එක්දින කඩුල්ල ලෙස ලකුණු 96ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු දවා ගැනීමට සමත් වුණා.

අවිශ්ක සිය සිව්වැනි එක්දින ශතකයට ලකුණු 04ක් පමණක් පසුපසින් සිටියේ පන්දු 102කදී දැවැන්ත හයේ පහර 02ක් සහ හතරේ පහර 08ක් ද එල්ල කරමින් ලකුණු 96ක් ඇතැතිව සිටියා.

රියාන් පරාග් යොමු කළ පන්දුවේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවයි අවිශ්ක දැවී ගියේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මේ වනවිට පැවැත්වෙමින් තිබෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පිතිකරණය තෝරාගත් අතර මේ වනවිට ඔවුන් ශක්තිමත් ලකුණු පුවරුවක් ගොඩනගමින් සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකි වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 89ක් ව තිබියදීයි.

එහිදී ලකුණු 45ක් අතැතිව සිටි පැතුම් නිස්සංක දැවී ගියා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 184ක් ලබා සිටිනවා.

කුසල් මෙන්ඩිස් මේ වනවිට නොදැවී ලකුණු 30ක් ලබා ගෙන සිටිනවා.

කඩුලු බිඳ හෙලීමේ දී රියාන් පරාග් ලකුණු 26කට කඩුලු දෙකක් සහ අක්සාර් පටෙල් හා සිරාජ් එක් කඩුල්ලක් බිඳ හෙලීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23