රියදුරෙකු නොමැතිව ධාවනය වූ අධි තාක්ෂණික ටෙස්ලා මෝටර් රථයක් පුද්ගලයින් දෙදෙනෙකු මරා දමයි (VIDEO)

ටෙක්සාස්හි ටෙස්ලා මෝටර් රථයක නැගී යමින් සිටියදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අනතුර සිදුව තිබුණේ හූස්ටන් නගරයට උතුරු දෙසින් වන අතර පසුගිය සෙනසුරාදා (17) දිනයේ දී මෙම අධි තාක්ෂණික ටෙස්ලා රථය ගසක හැපී ගිනිගෙන පුපුරා ගොස් තිබූ බවට පොලීසිය විසින් මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණි.

මෙම අනතුර ගැන පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඔවුන්ගේ මුලික පරික්ෂණවලින් තහවුරු වී ඇත්තේ මෙම රථය රියදුරු නොමැතිව අධික වේගයෙන් ධාවනය වී ඇති බවයි. එමෙන්ම මෙම රථය රියදුරු නොමැතිව ධාවනය වූ බවට 100%ක්ම විශ්වාස කළ හැකි බවද පොලීසිය එහිදී තහවුරු කර තිබුණි.

මෙහිදී මෝටර් රථය තුළ සිට මිය ගිය පුද්ගලයින් දෙදෙනා සිට තිබුණේ එක් පුද්ගලයෙකු ඉදිරිපස මගී ආසනයෙත්, අනිත් පුද්ගලයා පිටුපස මගී ආසනයෙත් ලෙසයි.

මෙහිදී වැඩිදුරටත් පරික්ෂණ ක්‍රියාත්මක කරන පොලීස් පරික්ෂණ අංශ සඳහන් කර සිටියේ අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු අසුන අසළ එයාර් බෑග් පද්ධතිය ක්‍රියාත්මක වූවාද යන්නත්, මෙම අධි තාක්ෂණික මෝටර් රථයේ ස්වයං නියමු පද්ධතිය ක්‍රියාත්මක වී තිබුණාද යන්නත් පිළිබඳව වැඩි අවධානයකින් පරික්ෂණ පවත්වන බවයි.

ටෙස්ලා සමාගම විසින් ඔවුන්ගේ මෝටර් රථ පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ ඔවුන් විසින් මෝටර් රථ සඳහා ලබාදෙනු ලබන ස්වයං නියමු පද්ධතිය කිසිම අවස්ථාවක 100%ක් ස්වයං ලෙස ක්‍රියාත්මක නොවන බවත් එයට මිනිස් සහාය අවශ්‍ය බවත්ය.

නමුත් බොහෝ දෙනෙකු මෙම සිදුවීම ගැන පවසා තිබුණේ සමාජ මාධ්‍ය තුළ ටෙස්ලා මෝටර් රථ ස්වයං රියදුරු පද්ධතිය සහිතව තනිව ගමන් කරන ආකාරයත් රියදුරු වෙනත් අසුනක බලා සිටින ආකාරයත් දැක්වෙන වීඩියෝ විශාල ප්‍රමාණයක් ඇති බවයි.

එම අනතුරට පත් මෝටර් රථයේ වීඩියෝව පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13