ලබන මාර්තු මස 31 වැනිදා දක්වා කල්ඉකුත් වන රියදුරු බලපත්වල වලංගු කාලය කල්ඉකුත් වූ දින සිට මාස හයක (6) කාලයක් වලංගු යැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යශය නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ “2021 ඔක්තෝබර් මස 1 වන දිනයෙන් ආරම්භ වී 2022 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන කාලසීමාව තුළ නිශ්චිත දිනයේදී කල්ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලසීමාව එකී කල්ඉකුත්වීමේ දින සිට මාස හය (6) කින් මෙයින් දීර්ඝ කරනු ලැබේ” ලෙස සඳහන්ව තිබේ.
රියදුරු බලපත්‍ර ලබාගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමේ සේවාවෙන් දිනයක් ලබාගැනීමේදී දින 13 කට පමණ පසු කාලයක් ලැබෙන බව ජනතාව පවසති.














හොද තීරණයක්
මාස එකහමාරක් විතර් පහු කරනව……..🤣🤣🤣🤣🤣
ජනවාරි පළවෙනිද බුක් කලේ පෙබරවරි 25 date එක දුන්නෙ….
medical එක කරල මාස දෙකක් බලන් ඉන්න ඕනේ
System එක හොදයි වැඩේ පරක්කුයි………..🥲🥲🥲🥲