රියදුරාගේ දක්ෂතාවයෙන් මගීන්ගේ ජීවිත බේරෙයි (ඡායාරූප)

කැප්පෙටිපොළ ඔහිය මාර්ගයේ ධාවනය වු මගී ප්‍රවාහන ලංගම බසයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනතුරින් තුවාල ලැබු මගීන් ඔහිය සහ දියතලාව රෝහල්වලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කැපිපෙට්පොළ සිට ඔහිය දක්වා මගීන් 5 දෙනෙකු සමග ධාවනය වු බසයේ තිරිංග හදිසියේ අක්‍රීයවීම හේතුවෙන් ඔහිය ප්‍රදේශයේදි සිදුවීමට ගිය අනතුරක් රියදුරාගේ දක්ෂතාවය වළක්වා ගෙන තිබෙනවා.

ඒ තිරිංග ක්‍රියා විරහිත වූ බසය පස් කණ්ඩියක ගැටීමට සැලැස්වීමෙන්.

අනතුරට ලක්වී තුවාල ලැබු මගීන්ගේ තත්වය බරපතල නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ රියදුරු ඒ.ජී.එස් අසංක ප්‍රියමාල්..

මම අද දවල් සුපුරුදු පරිදි කැප්පෙටිපොළ සිට ඔහියට බසය ධාවනය කරගෙන ගියා. ඔහිය 9 කණුව අධික බෑවුමේ යද්දී බසයේ තිරිංග පද්ධතියම ගැලවුණා. මට කරගන්න දෙයක් නෑ .වම් පැත්තේ අධික බෑවුමක්. දකුණේ බෝක්කුවක්.. කරන්නම දෙයක් නෑ.. පල්ලමට ගියානම් තාමත් පෙරළෙනවා. ප්‍රපාතයේ අධික වේගයෙන් ධාවනය වු බසය තත්පර පහක් තුළදී මම පස් කණ්ඩියක හැප්පුවා.. ඒ වෙලාවේ රියදුරු අසුන යට දකුණු පැත්ත කඩාගෙන ඇතුලට ඇවිත් මගේ කකුල හිරවුණා.

ඒ වෙලාවේ බසයේ මගීන් හිටියේ පහයි. මගේ අත ඉරාගෙන ගියා. මගීන්ට තුවාල වුණා. එක් අයෙකුගේ දත් කැඩුණා. තවත් අයටත් තුවාල වුණා. මට බසය කණ්ඩියේ හප්පාගන්න බැරි වුණා නම් මගීන් සියලුම දෙනා කුඩු වෙලාම යනවා. ඒ තරමට අධික බෑවුමක්. මගේත් මගීන්ගේත් වෙලාව හොඳ නිසා අපි බේරුණා. මම බසය නවත්වාගත්ත විදිය මටත් හිතාගන්න බෑ. මගේ කකුලත් හොඳම තුවාල වෙලා මම දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනතුර වලක්වාගන්න මට පුළුවන් වීම ජීවිතයේ ලොකු සතුටක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14