රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

හෙරොයින්, කොකේන් සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් පසුව රිය ධාවනය කරන්නන් සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම, පසුගිය මාසයේ දී ත්‍රීරෝද රථ අනතුරු 39 කින් 40 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

පොලිස් මුලස්ථානයේ දත්ත වලට අනුව මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය කරන්නන් අතර ත්‍රීරෝද රථ රියදුරන් ඉදිරියෙන්ම සිටින අතර අනෙක් ප්‍රවාහන මාධ්‍යන් වන්නේ බස් රථ සහ යතුරුපැදියි.

මේ අතර, පසුගිය මාසයේදී සමස්ත රිය අනතුරු සංඛ්‍යාව වන 1,875 න් මාරක රිය අනතුරු 233 ක් සිදුව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, එම අනතුරුවලින් 230 දෙනෙකු මියගොස් ඇති බවයි.

යතුරුපැදිකරුවන් 77 ක්, පසුපැදිකරුවන් 24 ක්, රියදුරන් 29 ක්, පාපැදිකරුවන් 13 ක්, මගීන් 36 ක් සහ පදිකයින් 69 ක් එලෙස මියගොස් ඇති බව සඳහන්.

පසුගිය වසරේ රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 2,473 ක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39