වැලිකඩ ගුවන් පාලමට පහළින් බත්තරමුල්ල දෙසට දිවෙන මාර්ගය අවහිර කරමින් කෝට්ටේ නගර සභාවේ සේවකයින් පිරිසක් විරෝධතාවක නිරතව සිටියි.
කෝට්ටේ නගර සභාවේ සේවකයෙකුට සිදුකර තිබූ පහරදීමක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළද සාධාරණය ඉටු නොවු බවට චෝදනා කරමින් මෙම පිරිස විරෝධතාවයේ නිරතව සිටින බව වාර්තා වේ.
ඊයේ (04) දිනයේ කෝට්ටේ නගර සභාවේ සේවකයෙකු මාර්ගයේ කසළ එකතු කරමින් සිටියදී, මොටර් රථයකින් පැමිණි පුද්ගයෙකු මාර්ගය අවහිර වී ඇති බව පවසා අදාළ නගර සභා සේවකයාට පහර දී ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කරයි.
විරෝධතාවය හේතුවෙන් නාවල දෙසට දිවෙන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ලවී ඇති බව වාර්තා වේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













