රිමාන්ඩ් කරපු දොස්තර ඉල්ලා කරාපිටියේ පිළිකා අංශය විරෝධතාවක

ගාල්ල – කරාපිටිය රෝහලේ පිළිකා අංශයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ රෝගීන් එක්ව අද (19) උදෑසන එම රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතව තිබෙනවා.

එම රෝහලේ පිළිකා අංශයේ පිළිකා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධාගාර ගත කිරීමට විරෝධය දක්වමින් මෙම විරෝධතාවය පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් එහිදී කියා සිටියේ වෛද්‍යවරයාට ද බලපෑම් සිදුකළ පුද්ගලයින්ට ද එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවිකාවකට පහරදුන් බවට චෝදනා එල්ල වූ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍යවරයා මෙම මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඒ, සැකකාර වෛද්‍යවරයා ඊයේ (18) ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් විසින් සිදුකළ ඒකාබද්ද වර්ජනය අවසන් වී පසුව පෙරේදා (17) පෙරවරුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයන් යළි සේවයට වාර්තාකර තිබුණි.

එහිදී වර්ජනයෙන් රෝහලේ කටයුතුවලට බාධා එල්ල වූ බවට චෝදනා කරමින් එම රෝහලේ පිළිකා අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරයා එහි කනිෂ්ඨ කාර්යමණ්ඩලයට බැණවැදී ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී අදාළ විශේෂඥ වෛද්‍යවරයා රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවිකාවකට පරුෂ වචනයෙන් බැණවැදී පහරදීමක් සිදුකළ බවට චෝදනා එල්ල වූ අතර, පහරකෑ බව කියන සුුළු සේවිකාව ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් වී තිබුණා.

සිද්ධියට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩල වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර, විරෝධතාවක ද නිරත වුණා.

මේ අතර සිද්ධියට සම්බන්ධ බව කියන සැකකාර විශේෂඥ වෛද්‍යවරයා ගාල්ලේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40