රෑ කෑමට බිරියානි කෑ පාසල් සිසුවිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

හෝටලයකින් රැගෙන ආ බිරියානි ආහාරයට ගැනීමෙන් ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පාසල් දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් වාර්තා වනවා.

ගිරිඋල්ල, හේන්යාය ප්‍රදේශයෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක සිසුවියක්.

රාත්‍රී ආහාරය සඳහා දැරියගේ නිවසට හෝටලයකින් බිරියානි පාර්සල් දෙකක් රැගෙනවිත් ඇති අතර, දැරිය එම බිරියානි ආහාරය ගෙන තිබෙනවා.

දැරිය සමඟ ඇයගේ සහෝදරයා, සහෝදරිය සහ සහෝදරයාගේ මිතුරෙක් ද ඒවා ආහාරයට ගෙන ඇති බවයි ගිරිඋල්ල පොලිසිය සඳහන් කළේ.

බිරියානි ආහාරය ගැනීමෙන් පසු දැරිය හදිසියේ රෝගී වී ඇති අතර, එහිදී ඇයව දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය දැරියගේ මෘත දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේ දී පෙරේදා (24) සිදුකර ඇති අතර, එහිදී හෙළි වී ඇත්තේ අසාත්මිකතාවයක් හේතුවෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට හානි සිදු වී මෙම මරණය සිදුව ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19