රෑට වන අලි දාන සෙල්ලම් නිසා ගොවීන් විශාල අර්බුධයක

ගල්කිරියාගම ,කිරලව ,හිඟුරුවැල්පිටිය ඇතුළු ප්‍රදේශ වල සති දෙකක පමණ කාලයක සිට පැමිණෙන වන අලි රංචුවක් හේතුවෙන් ගොවි ජනතාව පීඩාවට පත්ව තිබෙනවා.

සවස් කාලය වන විට තම ගොවි භූමි ආසන්නයට පැමිණෙන මෙම වන අලි රංචු රාත්‍රී කාලයේ උදාවනවාත් සමග වගා භූමි වෙත පැමිණ බෝග විනාශ කරන බවයි ගොවීන් ප්‍රකාශ කළේ.

මෙලෙස වන අලි 60කින් පමණ සමන්විත රංචුවක් පැමිණෙන බව ගොවින් සදහන් කළා.

කලා වැවේ වැව් ඉස්මත්තේ ජලය පිරීයාමත් සමග වන අලින්ට පවතින ආහාර හිඟතාවය හේතුවෙන් මෙලෙස ඔවුන් ගම්වැදීමට පුරුදු වී සිටින අතර ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රමාණය විශාල බැවින් පලවා හැරීමද ඉතා අපහසු බවයි ගොවින් පවසන්නේ.

මෙම වන අලි රංචුව කුඹුරු අස්වනු නෙලිමත් සමග එම බිම් හරහා ගොඩ භෝග වගාකර ඇති භුමි තුලට පැමිණීමට පුරුදු වී සිටින බවයි ගොවින් වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
UAE, Qatar සහ Kuwait රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට විශේෂ පණිවුඩයක්
02:46
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ආණ්ඩුවේ කට්ටියගෙන් අය කරගන්න ඕනේ
05:16
Video thumbnail
ආණ්ඩුව ගැන ඇහුවාම මහින්ද දීපු අපූරු උත්තරේ
00:59
Video thumbnail
මනොජ්ගේ මවට අවසන් ගෞරව දක්වන්න මහින්ද සහ ගෝඨත් එයි
02:10
Video thumbnail
ආණ්ඩුවේ කට්ටිය කොච්චර හොරකම් කළත් එයාලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ
08:10
Video thumbnail
රටම කම්පා කළ අභිරහස් මරණයේ වෙනස් කතාවක් එළියට - ආදරය නමින් සිදු වූ බිහිසුණු රඟපෑම
05:44
Video thumbnail
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියා | අලුත්ම වීසා සහ නීති
03:59
Video thumbnail
ඔයාලගේ අමුඩේ ගලවලා තමයි අපි එළවන්නේ - ටී.බී සරත් කියපු කතාව ඉල්ලා අස්කරගන්නා
07:09
Video thumbnail
SPA හිමියෝ මානව හිමිකමට යයි - පොලිස් ලොක්කොන්ට වැඩ වරදියි..?
15:51
Video thumbnail
රතු කට්ට පැන්න ගොවි නායකයෝ ආණ්ඩුවට පොල් ගහයි
04:12