spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෑට වන අලි දාන සෙල්ලම් නිසා ගොවීන් විශාල අර්බුධයක

ගල්කිරියාගම ,කිරලව ,හිඟුරුවැල්පිටිය ඇතුළු ප්‍රදේශ වල සති දෙකක පමණ කාලයක සිට පැමිණෙන වන අලි රංචුවක් හේතුවෙන් ගොවි ජනතාව පීඩාවට පත්ව තිබෙනවා.

සවස් කාලය වන විට තම ගොවි භූමි ආසන්නයට පැමිණෙන මෙම වන අලි රංචු රාත්‍රී කාලයේ උදාවනවාත් සමග වගා භූමි වෙත පැමිණ බෝග විනාශ කරන බවයි ගොවීන් ප්‍රකාශ කළේ.

මෙලෙස වන අලි 60කින් පමණ සමන්විත රංචුවක් පැමිණෙන බව ගොවින් සදහන් කළා.

කලා වැවේ වැව් ඉස්මත්තේ ජලය පිරීයාමත් සමග වන අලින්ට පවතින ආහාර හිඟතාවය හේතුවෙන් මෙලෙස ඔවුන් ගම්වැදීමට පුරුදු වී සිටින අතර ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රමාණය විශාල බැවින් පලවා හැරීමද ඉතා අපහසු බවයි ගොවින් පවසන්නේ.

මෙම වන අලි රංචුව කුඹුරු අස්වනු නෙලිමත් සමග එම බිම් හරහා ගොඩ භෝග වගාකර ඇති භුමි තුලට පැමිණීමට පුරුදු වී සිටින බවයි ගොවින් වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?