රැළියට පැමිණි තරුණයෙකු පොලිසියෙන් පහරදී ඝාතනය කළායයි සජබයෙන් චෝදනා

පනාමුරේ පොලිස් ස්ථානය තුළදී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. සිද්ධියේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 03ක් අනුයුක්ත කර ඇති බවද පොලිසිය සඳහන් කර සිටියේ.

පනාමුරේ පොලිස් සිරමැදිරියේ දී තරුණයෙකු මියයෑමේ සිදුවීමක ට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් විසින් පොලිස් ස්ථානය අවට රැස්වී සිටියා.

පවුල් ආරවුලක් මත බිරිඳ සිදුකළ පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගැණුනු පනාමුර, වැලිපොත යාය පදිංචිකරුවෙකු වූ 38 හැවිරිදි තිදරු පියෙකු පොලිස් සිරමැදිරියේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙලෙස මියගොස් ඇති පුද්ගලයා සමගී ජනබල වේගය පක්ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනට පැමිණි අයෙක් බවත් පොලිසිය විසින් එම තරුණයා අත්අඩංගුවට ගෙන සිදුකළ පහරදීමකින් ජිවිතක්ෂයට පත්ව ඇති බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

මෙහිදී එම චෝදනාවට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කළේ මන්ත්‍රීවරයාගේ චෝදනාව සම්පුර්ණයෙන් අසත්‍ය බවයි.

මේ ඇමතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය පහතින්..

“විරුද්ධ පක්ෂය විසින් ඉතාමත් බරපතල චෝදනාවක් කළා ඊයේ උද්ඝෝෂණයට සහභාගී වෙච්ච කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන පොලීසිය පහරදීලා මාරා දාලා කියලා. ඒක සම්පූර්ණ අමූලික බොරුවක්. මේ පුද්ගලයාගේ නම ඉන්දික ජයරත්න, ඔහුගේ වයස අවුරුදු 37 යි. ඔහුගේ පදිංචිය වැලිගේ යාය, පනාමුරේ.

මොහු මත්ද්‍රව්‍ය වලට ඉතාම දැඩි ලෙස ඇබ්බැහි වූ කෙනෙක්. ඔහු නිතරම බිරිඳට සහ දරුවන්ට පහර දෙනවා. ඒ ගැන බිරිඳගෙන් සහ දරුවන්ගෙන් විශාල පැමිණිලි තොගයක් ලැබිල තියෙනවා.

2021.11.12 වන දින ඔහුගේ දුව පැමිණිලි කරනවා. මේ පුද්ගලයාට විරුද්ධව. තමාට පොල්ලෙන් සහ අතින් පයින් ගහලා බරපතල තුවාල ඇති කළා කියලා. දුව ගිහිල්ලා රෝහල්ගත වෙනවා. එදා සිට මොහුව හොයනවා පොලීසියෙන්. මොහු හැංගෙනවා.

ඊට පස්සෙ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ ඊයේ රෑ 10.30 ට විතර. ඒ කියන්නෙ මේ පෙළපාලියට කිසිම සම්බන්ධයක් නෑ.

පොලිසිය හොය හොය හිටිය කෙනාව පාන්දර ඔහුව අත්අඩංගුවට ගත්තට පස්සෙ පාන්දර 3.30 ට පමණ ඔහු තමාගේ ෂර්ට් එකේ කමිසයේ කූඩුවේ තියෙන කම්බියක ගැට ගහලා බෙල්ලෙ වැල දාගෙන මිය යන්න ඔන්න මෙන්න තියෙන කොට තමයි රාළහාමි දැකලා ඔහුව වහාම රෝහලට ගෙනියන කොට ඒ ගෙනියන අතරතුර මිය ගිහිල්ල තියෙන්නෙ.

මේකට පෙළපාලියටවත්, උද්ඝෝෂණයටවත් කිසිම සම්බන්ධයක් නෑ. මේ පොලිසියට විරුද්ධව කරන මේ චෝදනාව අමූලික බොරුවක් කියලා මම ඔබතුමාට මේ අවස්ථාවේ කියා සිටිනවා. බොහොම ස්තිතුයි” අමාත්‍යවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00