රැස්වීමේ දී අරන් දුන්නු අරක්කු බාගෙ ගැන රංජන් කට අරියි (වීඩියෝ)

මැතිවරණ දේශපාලන රැස්වීමක දී ජනතාවට ඇති ගැටලු කවරේ දැයි විමසූ විට ඉදිරිපෙළ අසුන් ගෙන සිටි තරුණයෙකු තමන්ගෙන් අරක්කු භාගයක් මිලට ගැනීමට යම්කිසි මුදලක් දෙන ලෙසට ඉල්ලා සිටි බවත්; තමන් ඒ අවස්ථාවේ දී එය අසරණ, නිර්ව්‍යාජ ඉල්ලීමක් බැවින් රුපියල් 500ක් ලබා දී පැමිණි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසනවා.

අද (28) එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් රංජන් රාමනායක මහතා මේ බව සඳහන් කළා.

ඊයේ (27) කොටුගොඩ ප්‍රදේශයේ තමන් සහභාගී වූ දේශපාලන රැස්වීමක් පැවති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ.

තමන් කිසිදු ලෙසකින් සිය පෞද්ගලික ගතිගුණ වෙනස් නොකරන බවත්; නමුත් මැතිවරණ නීතිරීතිවලට ගරු කරමින් කටයුතු කළ යුතු කාලවකවානුවක් බැවින් මේ වනවිට ජනතාවට විවිධාකාරයෙන් සහය ලබාදීම, පිරිනැමීම් හා පරිත්‍යාග කිරීම් නතර කර ඇති බවයි හෙතෙම සඳහන් කළේ.

නමුත් තමන්ගෙන් අහිංසක තරුණයෙකු ඉල්ලූ උදව්ව මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමේ අරමුණින් සිදු නොකළ බවත්; අව්‍යාජව එකී තරුණයාගේ ආසාව ඉටු කිරීම පමණක් කළ බව හිටපු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45