රැජිනිකාන්ත් යළිත් ශ්‍රී ලංකාවට (ඡායාරූප)

දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නළු රැජිනිකාන්ත් යළිත් මාලදිවයින සිට අද (26) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

රැජිනිකාන්ත් අද (26) දහවල් 11.20ට මාලදිවයින සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ඔහු ඉතා උසස් අන්දමින් පිළිගැනීමට ගුවන් තොටුපොළ කාර්යමණ්ඩලය පියවර ගෙන තිබුණා.

අනතුරුව ඔහු ටික වේලාවකට පසුව ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

රැජිනිකාන්ත් මීට පෙර පසුගිය 14 වනදා මාලදිවයින බලා යන අතර තුර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.