රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුව අද (23) පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

එහිදී බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක් අද (23) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

පෙ.ව. 09.30 සිට ප.ව. 12.30 දක්වා මෙම ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල පිළිබඳ ශෝක යෝජනාව ද අදත් විවාදයට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.