spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රැඟුම් පාලක මණ්ඩලයේ රැඟුම් ගැන කැබිනෙට්ටුවෙන් තීරණයක්

1912 අංක 7 දරණ ප්‍රසිද්ධ රැගුම් ආඥා පනත පරිච්ඡින්න කොට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කරලීම සඳහා වූ පනත් කෙටුම්පතක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ප්‍රසිද්ධ රැඟුම් සම්බන්ධයෙන් දැනට 1912 අංක 7 දරණ ප්‍රසිද්ධ රැඟම් ආඥා පනත ක්‍රියාත්මක වන අතර ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට හා ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි නිර්මාණ නිදහස පූර්ණ වශයෙන් සුරැකෙන පරිදි ලාංකික සමාජයට උචිත නීතිරීති හඳුන්වාදීම පිණිස නව පනතක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය හඳුනාගත් බවයි රජය පවසන්නේ.

ඒ සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් ආතාවුද හෙට්ටිගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලද කමිටුවක් විසින් නව පනතක් සකස් කිරීම සඳහා පාදක කරගැනීම පිණිස මූලික කෙටුම්පතක් සකස් කර තිබෙනවා.

03 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?