spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ 130ක මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරියගේ වංචාවන් සම්බන්ධයෙන් පැමිණිළි 53ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී ඇති අතර ඇය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී යි අද අලුයම මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ.

සැකකාරිය බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක්.

රැකියා අපේක්ෂකයන් විශාල පිරිසක් පෝලන්තයට යවන බව පවසා මුදල් සහ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස ළඟ තබා ගෙන සිටි මෙම කාන්තාව පවත්වා ගෙන ගිය රැකියා නියෝජිත ආයතනය මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තහනමකට ද ලක් කර තිබෙනවා.

සැකකාරියට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ගුවන් ගමන් තහනමක් ද පනවා තිබූ අතර අද අලුයම 03ට පමණ ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණා.

පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙම කාන්තාව භාර ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී නියෝග කෙරුණේ ඇය ලබන ජුලි මස 4 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
3
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?