රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ 130ක මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරියගේ වංචාවන් සම්බන්ධයෙන් පැමිණිළි 53ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී ඇති අතර ඇය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී යි අද අලුයම මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ.

සැකකාරිය බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක්.

රැකියා අපේක්ෂකයන් විශාල පිරිසක් පෝලන්තයට යවන බව පවසා මුදල් සහ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස ළඟ තබා ගෙන සිටි මෙම කාන්තාව පවත්වා ගෙන ගිය රැකියා නියෝජිත ආයතනය මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තහනමකට ද ලක් කර තිබෙනවා.

සැකකාරියට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ගුවන් ගමන් තහනමක් ද පනවා තිබූ අතර අද අලුයම 03ට පමණ ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණා.

පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙම කාන්තාව භාර ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී නියෝග කෙරුණේ ඇය ලබන ජුලි මස 4 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22