රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවාගත් පිරිස් සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමක් නැහැ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නොමැති බව පවසනවා. මේ රැකියා ලාභීන් ස්ථිර සේවකයන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා බවට පතුරුවා හැර ඇති මතය මුළුමනින් වැරදි බවයි ඒ මහතා පවසන්නේ.

මේ බව ප්‍රකාශ කළේ ඊයේ සවස ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුවේදී මෙබඳු මතයක් සෞඛ්‍ය සේවකයන් අතර ප්‍රචලිත කර ඇති බවට සමිති නියෝජිතයන් කළ සඳහනට ප්‍රතිචාර වශයෙන්. රැකියා ලක්ෂයේ වැඩසටහන පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරා ගන්නා පිරිස් රැකියා නියුක්ත කොට ඔවුන් දිළිඳුකමින් මුදා ගැනීම අරමුණු කොටගත් එකක්.

තෝරාගත් පිරිස්වලට රෝහල්, පාසල් සහ විවිධ රාජ්‍ය ආයතනවල ශ්‍රමිකයන්, පවිත්‍රතා කම්කරුවන් සහ යන්ත්‍රෝපකරණ හසුරුවන්නන් ආදී වශයෙන් පුහුණුවක් දෙනු ලබනවා. ඊට බඳවා ගනු ලබන්නේ විධිමත් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් හෝ නිපුණතා හෝ නැති අය පමණයි. පුහුණුවෙන් පසු ඔවුනට ඒ ඒ ආයතනවල ස්ථීර පත්වීම් ප්‍රදානය කෙරෙන අතර එසේ වුවද ඔවුන් සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමක් සිදු නොවන බව ජනාධිපතිතුමා පැහැදිලි කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:23
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්න
02:24
Video thumbnail
ප්‍රා.මහ ලේකම් කාර්යාලය වටලපු වතු කම්කරුවන් - වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
06:48
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25