රැකියා අහිමි වී මෙරටට පැමිණි ශ්‍රමිකයින්ට දීමනාවක් සහ පොලී රහිත ණයක්

විදෙස්ගතව සිට මෙරටට පැමිණ රැකියා නොමැතිව සිටින පුද්ගලයින්ට රුපියල් 100,000ක දීමනාවක් ලබාදීමට මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඔවුන්ට මෙරට තුළ ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ද තවත් රුපියල් 50,000ක පොළී රහිත ණයක් ලබාදීමට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා යෝජනා කර ඇති බවයි.

මෙරටට පැමිණීමට ගුවන් ටිකට් පත් ලබා ගැනීමට නොහැකිව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇති බවත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මීට පෙර පැවසුවා.

එවැනි ශ්‍රමිකයින් අදාළ රටේ කොන්සියුල කාර්යාලයේ ලියාපදිංචි වී තම ගැටලුව ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05