රැකියාවට යමින් සිටියදී අතුරුදන් වූ තරුණියට වෙච්චි දේ හෙළිවෙයි

සේවා ස්ථානයට යමින් සිටියදී අතුරුදන් වූ ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණිය ඝාතනය කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව එක් සැකකරුවෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම පුද්ගලයා කළ ප්‍රකාශයන්ට අනුවයි තරුණිය ඝාතනය කර වළ දමා ඇති බවට අනාවරණ වී ඇත්තේ.

තමා සේවය කරන ෆාමසිය වෙත ගමන් කරමින් සිටියදී මෙලෙස අතුරුදන්ව තිබුණේ වැලිගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්.

පොලිසිය ප්‍රකාශ කළේ මෙම තරුණියගේ අතුරුදන් වීමට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු එම ප්‍රදේශයේ එළුවන් ඇති කරනු ලබන අයෙක් බවයි.

සැකකරු එළුවන්ට ලබාදීමට තණකොළ කැපීමට ගිය අවස්ථාවේ අදාළ තරුණිය ඒ ආසන්න මාර්ගයේ ගමන් කර තිබෙනවා.

ලැබී ඇති තොරතුරුවලට අනුව සැකකරු එම තරුණියට අතවර කිරීමට උත්සාහ කර ඇති අතර ඇය ඊට විරෝධය දැක්වීම හේතුවෙන් ඇය කැලෑබද ප්‍රදේශයකට බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.

මෙම යෝජනාව පිළිබඳ පියාට පවසන බවට තරුණිය ප්‍රකාශ කිරීම හේතුවෙන් සැකකරු ඇය කැලයට ඇදගෙන ගොස් ගෙළ මිරිකා ඝාතනය කර ඇති බවට ද පාපොච්චාරණය කර තිබෙනවා.

මෙම සැකකරු එහිදී ඇය ඝාතනය කර වළ දමා ඇතැයි අනාවරණ වී ඇති අතර සිරුර මෙතෙක් සොයාගෙන නැහැ.

එම කැලෑබද ප්‍රදේශයේ තිබී තරුණියගේ වතුර බෝතලය, එක් සෙරෙප්පුවක් සහ කුඩයේ කොටසක් ද සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ද තරුණිය පදිංචිව සිටි ප්‍රදේශයේම 22 හැවිරිදි අයෙක්. ඔවුන් එකිනෙකා හඳුනන අය බවට ද පොලිසිය ප්‍රකාශ කළා.

තම සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත්ව මීටර 100ක පමණ දුරක් ගමන් කළ 22 හැවිරිදි මෙම තරුණිය දින පහක් තිස්සේ අතුරුදහන්ව ඇති බවට අප තොරතුරු වාර්තා කළේ ඊයේ දිනයේදීයි.

ගම්වාසීන් සහ ගම්පොල පොලිසිය ඇය සොයා ඊයේ මහවැලි ගඟේ ඉවුර ඇතුළු කැලෑබද ප්‍රදේශවල මෙහෙයුමක් ද සිදු කර තිබුණා.

නිවසේ සිට මීටර 100ක් පමණ ගිය පසු ඇල්පිටිය පල්ලියේ ඇති CCTV කැමරාවල මෙම තරුණියගේ රුව අවසන් වරට සටහන් වී ඇති අතර එම ස්ථානයෙන් එපිට ඇති එවැනි CCTV කැමරාවල හෝ ඇය දුටු අය මෙතෙක් හමු නොවූ බව ඥාතීන් ප්‍රකාශ කළා.

අතුරුදන් වූ තරුණියගේ මව පවසන්නේ සේවය කරන ස්ථානයට යාම සඳහා පසුගිය ඉරිදා නිවසින් පිටත් වූ දියණිය බස් ගාස්තු ලෙස රුපියල් සියයක මුදලක් පමණක් තමාගෙන් ඉල්ලා ගෙන ගිය බවයි. ඇය තමා හෝ කිසිවෙකු සමග අමනාපයක් නොමැති බව ද මව ප්‍රකාශකළා.

අතුරුදන් තරුණියට තවත් සොහොයුරන් තිදෙනකු සිටින අතර සිද්ධිය වූ දින පියා සහ එක් සොහොයුරෙක් කොළඹ ප්‍රදේශයට ගොස් සිටි බව සඳහන්.

සේවයට යාම සඳහා බස් රථයක් ලබා ගැනීමට ඇයට නිවසේ සිට කිලෝමීටර දෙකක් පමණ පා ගමනින් වැලිගල්ල දක්වා යා යුතු අතර එම ගමන් මාර්ගයේ බොහෝ ස්ථාන පාලුවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය පුරා ඥාති නිවෙස්, මිතුරු මිතුරියන්ගේ නිවාස හා අනෙකුත් ස්ථාන ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් පරීක්ෂාවට ලක් කර ඇතත් ඇය පිළිබඳව මෙතෙක් කිසිදු හෝඩුවාවක් නොවූ බව තරුණියගේ පියා ප්‍රකාශ කළා.

සේවා ස්ථානයේ යතුර ද ඇය සතුව තිබී ඇති අතර ඉරිදා පෙරවරු 11ට පමණ එහි හිමිකරු ඇයගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදීම හේතුවෙනුයි තරුණිය ෆාමසියට නොගොස් ඇති බව හෙළි වී තිබුණේ.

ඉන්පසු ඇය සම්බන්ධයෙන් ඥාතීන් සොයා බලා මේ පිළිබඳව ගම්පොල පොලිසිය වෙත දන්වා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01