spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාසාගේ සුපිරි ඉනිම සිම්බාබ්වේ ලකුණු පුවරුව 143 සීමාවට ගෙන යයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි විස්ස තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 143ක් රැස් කළා.

සිම්බාබ්වේ ඉනිමේ වෙනුවෙන් නායක ශිකන්දර් රාසා සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 41ක් තුළ ලකුණු 62ක් රැස් කළ අතර, ආරම්භක පිතිකරු ටිනාෂේ කමුන්හුකම්වේ ලකුණු 26ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුලු දෙකම මහීෂ් තීක්ෂණ විසින් දවාගත් අතර, නායක වනිඳු හසරංග ද පන්දුවාර 04 තුළ ලකුණු 19කට කඩුලු 02ක් බිඳ දැමුවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 144ක අභියෝග ගත ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?