spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාවණා ඇල්ලේ ත්‍රී රෝද රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල වනජීවී කාර්යාලය ආසන්නයේදී සිදු වූ ත්‍රී රෝද රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වැල්ලවාය දෙස සිට පැමිණි ත්‍රී රෝද රථය මාර්ගයේ පෙරළී ගොස් ලොරියක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

එහිදී ත්‍රී රෝද රථයේ ගමන් කළ 70 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඔහු ගලගෙදර කන්දෙකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහු වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි සඳහන්.

අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

1
2
3
4
5
6
7
8
9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?