Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රාජිත සේනාරත්නට අධි චෝදනා ගොනු කෙරේ

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම මඟින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙනවා.

ඔහු ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීමේ දී රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමිනුයි විත්තිකාර රාජිත සේනාරත්නට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත්තේ.