රාජිතට අල්ලස් කොමිසමට එන්න කියලා – ලෙඩ වෙලා කියලා දැනුම්දීලා

ධීවර සංස්ථාවේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ සිද්ධියකට අදාළව විමර්ශනයකට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (02) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණා.

කෙසේ නමුත් ඊයේ දිනයේ අල්ලස් කොමිසම හමුවට පැමිණිය නොහැකි බව රාජිත සේනාරත්න මහතා දැනුම්දී තිබෙනවා.

ඒ ඇති වු හදිසි රෝගි තත්වයක් හේතුවෙන් බවට දැනුම් දී තිබෙන බවයි පැවසෙන්නේ.