රාජා, ඔබට සුබ ගමන්….

දොළොස් වතාවක් දළදාවට උර දුන් නැඳුන්ගමුවේ රාජා අද උදෑසන සදහටම දෙනෙත් පියාගත පුවත සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේම දෙනෙත් මොහොතකට හෝ තෙත්කල බව නොරහසකි.මාළිගාවේ ඇත් පන්තියේ රාජකීය ලීලාවෙන් , දන්ත ධාතුව වැඩමවූ ඒ රාජකීය හස්තිරාජයා තව දුරටත් මහ පෙරහැරේ , මාළිගාවේ අපිට දකින්නට නොලැබේවී…

වසර හැත්තෑවකට වැඩි කාලයක් ආයු වලඳා සිටි නැඳුන්ගමුවේ රාජාගේ උපන් බිම ඉන්දියාවයි.පිළියන්දල නීලමහර වෙද පරපුරට අයත් හිමිනමක් වෙත රාජා පරිත්‍යාගයක් ලෙස ලැබුණේ ඉන්දියාවේ මයිසුර් ප්‍රාන්තයේ මහාරාජා කෙනෙකුගෙනි. මහාරාජාගේ ඥාතියෙකු මානසික රෝගියෙකු වී සිටියදී එය නිට්ටාවටම සුවපත් කළ වෙද හාමුදුරුවන්ට නැඳුන්ගමුවේ රාජාත්, නවම් රාජාත් ලැබිණි. පසුව මෙහි එක් අලි පැටවෙක් නැඳුන්ගමුවේ ධර්මවිජය වෙද රාලහාමි විසින් මිලට ගත් පසුව නැඳුන්ගමුවේ රාජා ලෙසත්, අනෙක් ඇත් පැටවා හුණුපිටිය ගංඟාරාමය විසින් මිලට ගත් පසු ‘‘නවම්රාජා’’ ලෙසත් නම් කරන ලදී.

නැඳුන්ගමුවේ රාජා වසරකට පාගමනින් ඇවිද ගිය කිලෝමීටර් ගණන දහසකට (1000) අධිකය.ඔහුත් සමගම තනි නොතනිය මැකූ “කළු මාමා”ත් ඒ දුරම පා ගමනින් යන අයුරු ඔබත් මමත් අනේකවාරයක් දැක ඇතුවාට සැකයක් නැතිය.විඩාපත් දෙපයට වඩා ශක්තිමත් හිතක් තිබූ කළු මාමා මේ වසර ගනනම රාජා අසලින් සෙලවුනේ නැති තරම්ය.නැඳුන්ගමුවේ රාජාත් කළු මාමා අසලින් සෙවනැල්ලක් මෙන් සිටි බව බොහෝ දෙනා පවසන කාරණාවකි.

උපන් සියල්ල නැසෙන බව බුද්ධ දේශනාවය.එයට ඔබටත් මටත් මෙන්ම නැඳුන්ගමුවේ රාජාටත් එකසේ පොදු වූ ධර්මතාවයකි.දොළොස් වසක් පූජනීය වන්දනීය දන්ත ධාතුව වැඩම වූ ඒ අපරිමිත පින් බෙල මහිමයෙන් මේ සසර ගමනින් අත් මිඳෙන්නට රාජාට හැකියාව ලැබේවා යැයි සියලු ශ්‍රී ලාංකිකයින් ප්‍රාර්ථාන කරන බව අපට නොරහසකි.

එතෙක් මෙතෙක් ඔබ රැස් කල පින් බලෙන් මතුයම් දිනෙක මෙතේ බුදුන් පාමුල නිවන් අවබෝධ කරගැනීමට ම නැඳුන්ගමුවේ රාජාට වාසනා වේවා…..ඒ ගොසිප් ලංකා නිව්ස් අපේ ප්‍රාර්ථනාවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14