රාජ්‍ය සේවකයින්ට , අතිකාල ඇතුළු දරුණු වැටුප් කප්පාදුවක් ? ඇමති ලබා දුන් ඉඟිය

රජය ආර්ථික අසීරුතාවන්ට මුහුණ දුන්නත් රජයේ සේවක වැටුපෙන් සත පහක්වත් කොවිඩ් අරමුදල සඳහා කපා දමන්නේ නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

නමුත් වෙනත් දීමනාවන් එනම් විශේෂයෙන් අතිකාල දීමනා හා සංයුක්ත දීමනා වැනි දීමනාවන් සම්බන්ධව බලපෑමක් සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා. රජය විසින් සේවක වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදල සඳහා කපා දැමීමට කටයුතු කරනවා දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පරිසර අමාත්‍යංශයේ පැවති එම මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා පළ කළ අදහස් පහතින් දැක්වෙනවා. “රජය ආර්ථික වශයෙන් යම් අසීරුතාවන්ට මුහුණ දී තිබෙනවා.

විශේෂයෙන් විදේශ විනිමය හිඟකම අපිට දැඩි ලෙස බලපා තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපේ අපනයන ආදායම් යම් මට්ටමකට පහත වැටී තිබුනත් එම බර මහජනතාවට පැවරීමට සූදානම් නැහැ. අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවල දී අපි වැඩිපුර කාලයක් ගත කරන්නේ මෙම වසංගත තත්ත්වය සමග ආර්ථික කටයුතු කළමනාකරණය කර ගන්නේ කොහොමද යන කාරණාවන් සම්බන්ධවයි. සමහරු සමාජය තුළ මතයක් ගොඩ නගමින් සිටිනවා රජය විසින් රාජ්‍ය සේවක වැටුප සියයට 50කින් අඩු කිරීමට කටයුතු කරන බවට.

නමුත් මම පැහැදිළිවම කියන්නේ අපි රාජ්‍ය සේවක වැටුපෙන් සත පහක්වත් මෙම අසීරු අවස්ථාවේ දී අඩු කරන්නේ නැහැ. නමුත් වෙනත් දීමනාවන් එනම් විශේෂයෙන් අතිකාල දීමනා හා සංයුක්ත දීමනා වැනි දීමනාවන් සම්බන්ධව බලපෑමක් සිදුවිය හැකියි. කොහොම වුනත් කොරෝනා තත්ත්වය මත රජයේ කාර්යාල වසා දමා තිබෙනවා. ඇතැම් කාර්යාලවල සේවයට කැඳවන්නේ එම ආයතනවල ප්‍රධානියාගේ අභිමතය පරිදියි.

එමනිසා අත්‍යවශ්‍යම අය පමණයි කාර්යාලවල සේවය සඳහා කැඳවන්නේ. එමනිසා අතිකාල ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ වගේම දුරබැහැර ප්‍රදේශවල රාජකාරි සඳහා නොයන බැවින් ගමන් වියදම් හා සංයුක්ත දීමනා ලබා ගැනීමට සිදුවන්නේත් නැහැ. එවැනි දීමනා අඩු කළත් වැටුප කිසිසේත්ම අඩු කරන්නේ නැහැ. පවතින වසංගත තත්ත්වය මත ආර්ථිකය කළමනාකරණය කිරීම පහසු කාරණයක් නොවෙයි.

ඒ නිසා දේශපාලනඥයින් වශයෙන් අපි අපේ ආදර්ශය ලබා දෙනවා. රජයේ වියදම් උපරිම ආකාරයෙන් අවම කරනවා. ඒ වගේම අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හිමිවන වරප්‍රසාද කැප කරන්නට අපි සූදානම්. දැනටමත් මන්ත්‍රීවරු රැසක් ඒ සඳහා එකඟතාවය පළ කර තිබෙනවා.

අපි නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනාම අපේ මාසික වැටුප පරිත්‍යාග කළා. ඒ වගේම අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 1300ක් පමණ සිටිනවා. ඔවුනුත් තම මාසයක වැටුප පරිත්‍යාග කර තිබෙනවා. සෙසු අයත් එම ආදර්ශය ලබා දිය යුතුයි. ”

21 6129c7dbce9bc


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36