රාජ්‍ය ඇමති හදිස්සියේ ජනතාවගෙන් ඉල්ලු දේ

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණයට ලක්වීමේ වැදගත්කම සෞඛ්‍ය බලධාරීන් නැවත නැවතත් අවධාරණය කරති.

වසංගත රෝග විද්‍යා අංශයේ, අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පවසා සිටියේ, එම පිරිස අධි අවධානම් තත්ත්වකට පත්ව ඇති බවය.

මේ අතර, මෙරට කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වුණු  2020 මාර්තු 11 වැනිදා සිට කොවිඩ් රැලි 3කින් මේ දක්වා කොවිඩ් ආසාදිත මරණ 4,258 ක්  සිදුව තිබේ.

ඉන් මියගිය වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් ගණන 55කි.

එය 1.29% ක අඩු ප්‍රතිශතයකි.

වයස අවුරුදු 30ත් – 59 ත් අතර වයස් කාණ්ඩයේ පසුවූ 995 දෙනෙකුද කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.

වෛද්‍යවරු පවසන පරිදි කොවිඩ් වෛරසයෙන් වැඩි අවදානමක් ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ටය.

කොවිඩ් මරණවලින් වැඩිම සංඛ්‍යාවක් එනම් 3,208ක් වාර්තා වන්නේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් අතරින් වන අතර එය 75.3 % ක ඉහළ ප්‍රතිශතයකි.

මේ අතර, ගෙවුණු දින 7 තුළ මෙරට කොවිඩ් ආසාදිතව මියගිය පිරිසෙන් 85%ක් ම එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන් බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

එම සතියේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 75%ක පිරිසක් කිසිදු එන්නතක් ලබා නොගත් අයයි.

එම සතියේ ආසාදිතයන් අතරින් සියයට 22ක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස බව එහි සඳහන් ය.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස අතුරින් ද පසුගිය සතියේ ආසාදිතයන් හඳුනා ගැනුණු නමුත් එය 3%ක් තරම් අඩු ප්‍රතිශතයක් බව වාර්තාව පෙන්වා දෙයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, එන්නත් ලබාගැනීමට කොපමණ පහසුකම් සැපයුව ද සියයට එකක පමණ ප්‍රතිශතයක් එය ප්‍රතික්ෂේප කරන බවය.

“වැඩිහිටි, වයෝවෘධ ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට අපහසු අය එන්නත ලබාගැනීමේ අඩුපාඩුවක් තිබුණා. ජනාධිපතිවරයා උපදෙස් දුන්නා නිවෙස්වලටම ගිහින් එන්නත ලබාදෙන්න කටයුතු කරන්න කියලා. ඒ අනුව එය මේ වන විට සාර්ථකව සිදුකළා. එන්නත් කටුවලට බියේ පිරිසක් ඉන්නවා. එහෙම බියවෙන්න අමුතු දෙයක් නෑ. මේක සාමාන්‍ය තත්ත්වයක්. තමන්ගේ ප්‍රතිශක්තිය ගැන අධි තර්සේරුවකින් කටයුතු කරන පිරිසක් ඉන්නවා එන්නත ලබාගන්න අවශ්‍ය නෑ මට රෝගය වැලඳෙන්නේ නෑ කියන අය. තුන්වන කණ්ඩායම තමයි එන්නත ලබාගැනීමෙන් අතුරු ඵල එන්න පුළුවන් කියන අය. ඔබ එන්නත ලබානොගැනීමෙන් නුදුරේ ම රෝගියෙක් බවට පත්වීමේ හැකියාවක් තියෙනවා.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21