රාජ්‍ය හා පෞද්ගලික ආයතනික එකමුතුවෙන් රට අනිවාර්යයෙන් ඉදිරියට ගෙන යා හැකියි – අග්‍රාමාත්‍ය හරිනි

රාජ්‍ය නිල යාන්ත්‍රණයේ හා පෞද්ගලික අංශයේ ආයතනික සීමාවන්ගෙන් බැහැර වී සාමුහික කණ්ඩායම් හැඟීමෙන් ඒකාබද්ධ ව වැඩ කිරීම මඟින් අභියෝග ජයගෙන රට ඉදිරියට රැගෙන යා හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

මුදල් අමාත්‍යාංශයත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයත් මිලේනියම් අයිටී, ඩයලොග් ආසියාටා යන පෞද්ගලික ආයතන දෙකත් ඒකාබද්ධ ව වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක ද සහයෝගය මත සකසන ලද අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් පාසල් අභ්‍යාස පොත්පත් හා උපකරණ ලබා දීමේ යාන්ත්‍රණය මත තෝරාගනු ලැබූ දරුවන් වෙත රුපියල් 6,000 බැගින් වූ තිළිණපත් ලබාදීමේ වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

ඊයේ දින (06) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මෙම වැඩසටහනේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියේ, සෑම දරුවකුටම අධ්‍යාපනයේ සම අවස්ථා ගෞරවාන්විත ව ලබාගැනීමේ ඉඩප්‍රස්ථා විවර කරදීමේ රජයේ අපේක්ෂාව ඉටුකරගැනීම සඳහා අධ්‍යාපන අවශ්‍යතා කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමුකර භෞතික සම්පත් ලබාදී එම පවුල් නගා සිටුවීමට ක්‍රියා කිරීමේ දී මනා විනිවිද භාවයක් සහිතව කඩිනම් හා භාවිතයට පහසු ක්‍රමවේදයක් ඒ වෙනුවෙන් සකස් කරගැනීමට හැකි වූයේ, රාජ්‍ය හා පෞද්ගලික දෙ අංශයේ මනා සුසංයෝගය හා කැපවීම මත බවයි.

මෙම නව ඒකාබද්ධ ක්‍රියාවලිය හරහා යල්පැනගිය සාම්ප්‍රදායික ක්‍රමවේද මඟින් තොරතුරු ලබාගැනීමේ දී සිදුවිය හැකි අක්‍රමිකතා හා ප්‍රමාදයන් රැසක් වළක්වා ගත හැකි වීම සම්බන්ධයෙන් තෘප්තිමත් භාවයකට පත් විය හැකි බවත් මෙහි දී අගමැතිවරිය සඳහන් කළා.

මෙම ඒකාබද්ධතා පුරවැසි සහයෝගීතා ක්‍රමවේදය ඉදිරියටත් විධිමත්ව පවත්වා ගැනීම මගින් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ම කාර්යක්ෂ්ම හා ඵලදායි ලෙසින් යාවත්කාලීන කළ හැකි වනු ඇති බවට ද අග්‍රාමාත්‍යවරිය මෙහි දී විශ්වාසය පළ කරන සිටියා.

එහි දී තවදුරටත් අදහස් දක්වමින් හරිනි අමරසූරිය පවසා සිටියේ, භෞතික සම්පත්වල හිඟකම හේතුවෙන් බොහෝ දරුවන්ගේ පාසල් ගමන අතරමග නතර වන බවත් එසේ දරුවන් පාසල් හැරයාම වළක්වා දරුවන් පාසල් තුළ රඳවා ගැනීමට අභිප්‍රේරණයක් ඇති කිරීම ද මෙවැනි භෞතික සම්පත් ලබාදීමේ මුඛ්‍ය අරමුණක් වී ඇති බවයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාගේ යෝජනාවක් මත දියත් වූ මෙම ක්‍රියාවලිය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මූලිකත්වය ගෙන සහයෝගයෙන් ඉදිරියට ගෙන යන බවත් අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස ගුණාත්මක සංවර්ධනයක් ද සහිත ව ඉදිරියට ගෙන යෑමට එය මනා පිටුබලයක් වන බවත් හරිනි අමරසූරිය මෙහි දී පැවසුවා.

මෙම වැඩසටහනේ පළමු අදියර තුළින් මේ වන විටත් අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දරුවන් එකොළොස් ලක්ෂ හත්දහසකට සෘජුව ම මුදල් ගිණුම්වලට බැරකර ඇති බවත් දෙවන අදියරේ පළමු පියවර ලෙස අස්වැසුම ප්‍රතිලාභ හිමි නොවුණු පවුල්වල දරුවන් තුන්ලක්ෂ හතළිස් පන්දහස් හත්සිය තිස්දෙදෙනෙක් සඳහා වවුචර්පත් මුද්‍රණය කර බෙදාහැර ඇති බවත් දෙවන අදියරේ දෙවැනි පියවර සඳහා මේ වන විට පාසල් ළමුන් එක්ලක්ෂ දහඅට දහස් එකසිය හතලිස් දෙදෙනෙක් ලියාපදිංචි වී ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය මෙම තිළිණපත් දරුවන්ට ලබාදීම සඳහා ලියාපදිංචිය තහවුරු කර ඇති වෙළෙඳ ආයතන සංඛ්‍යාව මේ වන විට 315ක් වන අතර, 178ක් ලියාපදිංචිය අපේක්ෂාවෙන් පසුවන බව ද සඳහන් කළා.

එමෙන්ම රජයේ හා පෞද්ගලික පාසල්වල මෙන්ම පිරිවෙන්වල සහ විශේෂ අවශ්‍යතා සහිත පාසල් ඇතුළු සමස්ත පාසල් පද්ධතියේ වැඩි පරාසයක ශිෂ්‍ය සංඛ්‍යාවකට මෙම ප්‍රතිලාභ හිමිවන අතර, එය මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 68%ක් පමණ වන බව ද අග්‍රාමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25