රාජ්‍ය සේවාවන්හි විධායක නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු කඩිනමින් විසඳනවා – අගමැති දිනේෂ්

රාජ්‍ය සේවාවන්හි විධායක නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු විසඳීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පිහිටුවා ඇති බවත්, එහි නිර්දේශ සහිත වාර්තාව කඩිනමින් ඉදිරිපත් කර, ගැටුමකට නොයා සුහදව ගැටළුව විසඳාදීමට උත්සාහ දරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

විජිත හේරත් මන්ත්‍රීවරයා විමසා තිබූ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද (08) දින පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රාජ්‍ය සේවයේ විධායක නිලධරයන් විසින් ඉටු කරනු ලබන බහුවිධ කාර්යයන්, රාජකාරීමය වගකීම් සහ ඔවුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ නිසි ඇගයීමක් සිදුකර ඇති අතර, එම පාර්ශ්වවල වෘත්තීය ගැටලු හඳුනාගැනීම සඳහා ද ක්‍රියාමාර්‌ග රාශියක් ගනිමින් පවතින බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

“මම අගය කරනවා මේ ප්‍රශ්නය ඇසීම ගැන. විවිධ මත විවිධ ප්‍රකාශන ජනමාධ්‍යවල පළවෙනවා. රාජ්‍ය සේවයේ ඉතාම වැදගත් කොටස තමයි විධායක නිලධාරීන්ගේ ක්ෂේත්‍රය එය පිළිගනිමින්, මෙතෙක් මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නය වගේම වැටුප් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම වෙනුවට කලින් කල විවිධ තීරණ ගනිමින් කටයුතු කළ නිසා මේ වැටුප් තලයේ යම් යම් ක්ෂේත්‍රවල විෂමතාවයන් මතුවී තිබෙනවා. එය පිළිගනිමින් ඒ සඳහා සමස්ත මැදිහත්වීමකට කටයුතු කළ යුතුයි. ඒ අනුව වැටුප් සම්බන්ධයෙන් විධායක නිලධාරීන්ගේ සංගමය සමඟ මමත්, අමාත්‍යාංශයත් සාකච්ඡාවක් පැවැත්වුවා මෙම කරුණු ගැන. ඒ, නිසා ඒ සාකච්ඡාවේ මතු වූ ප්‍රශ්න මත අමාත්‍ය මණ්ඩලය වෙත මෙම කරුණ ගෙන ගොස්, මේ වනවිට විධායක නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති ගැටළු විසඳීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.
අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතුව මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්ගේ සාමාජිකත්වයෙන් යුක්ත මෙහෙයුම් කමිටුවක් මේ වන විට පත්කර තිබෙනවා. එම කමිටුව විසින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සමඟ සාකච්ඡාවන් පවත්වා ඇති අතර මෙහෙයුම් කමිටුවේ නිර්දේශ සහිත වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය ආශ්‍රිතව, එනම් දිනය 2024.03.25 වන දින මාර්තු මාසයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ එළඹ තීරණය මත දීප ව්‍යාප්ති සේවා නිලධාරීන්ගේ ශ්‍රේණිගත උසස් කිරීමේ ක්‍රමවේදයට සාමාන්තරව දීප ව්‍යාප්ත නොවන විධායක නිලධර සේවා, විධායක නිලධාරීන්ගේ උසස් කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව නැවත සමාලෝචනය කරන ලෙස ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත මේ වන විටත් අපි දන්වා යවා තිබෙනවා.
ඉදිරියේ දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් උක්ත කරුණට අදාළව තම නිර්දේශ ලබා දුන් පසු මේ සම්බන්ධයෙන් මැදිහත්වීමට කටයුතු කරනු ලැබෙනවා. ඒ නිසා රජයේ සේවාවේ විධායක නිලධාරීන් විසින් ඉටු කරනු ලබන බහුවිධ කාර්යයන්, රාජකාරිමය වගකීම හා ඔවුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබඳව ඔබතුමා ඇහුවා වගේම නිසි ඇගයීමක් හරියාකාරව සිදුකිරීමෙන් දැනට තිබෙන ප්‍රශ්නයෙන් පූර්ණ වැඩපිළිවෙළකට අවතීර්ණ වන්නට පුළුවන් වේය කියලා මෙම අග්‍රාමාත්‍ය ලේකම්තුමා ප්‍රධානව ඇති කමිටුව විසින් කටයුතු කිරීමට, නිර්දේශ කරනවා ඇති. ඒ නිසා මම හිතනවා අපේ සුහද උත්සාහය, ගැටුමක් නැතුව මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහායි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12