රාජ්‍ය සේවයට විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීමට අදහස් හා යෝජනා ලබාගැනේ

සමස්ත රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා,රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත්කළ , අනුකාරක සභාව ඒ සඳහා වෘත්තීය සමිතිවල අදහස් හා යෝජනා ලබාගෙන තිබෙනවා.

ඒ, එම අනුකාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

සමස්ත රාජ්‍ය සේවය නියෝජනය වන පරිදි වෘත්තීය සමිති නියෝජනය කරමින් අනුකාරක සභාව හමුවට කැඳවා තිබූ සාමජිකයින් විසින්, ඔවුන්ගේ සේවාවන්ගේ පවතින ගැටලු හා වැටුප් විෂමතාවන් පිළිබඳව කාරක සභාවේ අවධානයට යොමුකරනු ලැබුවා.

තවදුරටත් ඔවුන් සතුව පවතින අදහස් හා යෝජනා සති දෙකක් තුළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට යොමු කිරීමට අවස්ථාව පවතින බවයි අනුකාරක සභා සභාපතිවරයා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ.

සමස්ත රාජ්‍ය සේවයේ නිරතවෙන සේවකයින් උදෙසා වඩාත් විධිමත් හා විද්‍යානුකූලව වැටුප් ව්‍යුහයක් සකස් කිරීමටත්, ඔවුන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා වන සේවා ව්‍යවස්ථා, බඳවාගැනීමේ පටිපාටි, උසස්වීම් සහ දීමනා සම්බන්ධව දැනට පවතින තත්ත්වයන් වඩාත් සාධාරණ ආකාරයට සිදුකිරිමට අපේක්ෂා කරන බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

එමෙන්ම රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා මෙ‍ෙලස පාර්ලිමේන්තුවේදී රැස්වී සාකච්ඡා කරනුයේ ඒ සඳහා කටයුතු කිරීමට අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් වර්තාවක් සකස් කර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කිරීමට බවත් අනුකාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14