spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

ගුණාත්මක රාජ්‍ය සේවයක් ලබාදීම සහ සේවක තෘප්තිය ඉහළ දැමීම ඉලක්ක කර ගනිමින් රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශ කාර්යභාරය සහ කඩිනම් ගෙවතු වගා සංග්‍රාමය පිළිබඳ කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව දන්වා සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එක ම සේවාවක් ලබාදීම සඳහා වන රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

අගනගරයේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතන පළාත්වලට විමධ්‍යගත කිරීමෙන් රාජ්‍ය සේවකයා කොළඹට පැමිණීම අවම කර ගත හැකි බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.

රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් පවතින විනය පරීක්ෂණ කඩිනම් කිරීමටත් රාජ්‍ය සේවකයන්ගෙන් උපරිම සේවාවක් ලබගැනීම වෙනුවෙන් සැලසුම් සකස් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් කළ බව සඳහන්.

රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව “එක් ව වවමු – රට දිනවමු” ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

ඒ ඒ ප්‍රදේශවල වගා කිරීම සඳහා සුදුසු භෝග නිවැරදිව ම හඳුනාගැනීමේ අවශ්‍යතාව නිලධාරීන් පෙන්වා දුන් අතර
කෘෂිකර්මාන්තයේ දී තරුණයින්ට ප්‍රමුඛතාව ලබාදී වැඩි ඵලදායීතාවක් ළඟා කර ගැනීමට සහ නව තාක්ෂණය භාවිතා කිරීමෙන් ඉහළ අස්වැන්නක් සඳහා සැලසුම් සකස් කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?