රාජ්‍ය සේවයේ යෙදී සිටියදී සිදු කළ අලුගුත්තේරු වැඩකට ලැබුණ අධිකරණ තීන්දුව

රාජ්‍ය සේවකයන් ලෙස රාජ්‍ය සේවයේ යෙදී සිටියදීම වැඩමුළුවක් පවත්වා පිරමීඩ ආකාරයේ නීතිවිරෝධී ව්‍යාපාරයක නියෝජිතයන් ලෙස කටයුතු කරමින් එකී ව්‍යාපාරයේ භාණ්ඩ ප්‍රවර්ධනය හා ප්‍රචාරය කිරීමේ චෝදනාවන්වලට වරදකරුවන් කරමින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකුට නියම කර තිබු දඬුවම තහවුරු කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද කාරියවසම් මහතා තීන්දුවක් නිකුත් කළා.

අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා විසින් මීට වසර පහකට පෙර එකී තින්දුව නිකුත් කර ඇත්තේ සියලු සාක්ෂි හා ලේඛන පදනම්ව චූදිතයන් බැංකු පනතේ 83 ඈ වගන්තිය අංගනය කර ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව වන බැවින් මහේස්ත්‍රාත්වරයාගේ එකී තීන්දුව රහිත කිරීමේ අවශ්‍යතාවක් තම අධිකරණයට නොපෙනෙන බව සඳහන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා එකී තීන්දුව නිකුත් කළ බවයි වාර්තා වන්නේ.

2005 දෙසැම්බර් 15 වැනිදා හෝ ආසන්න දිනයක දී පෙර කී බැංකු පනත උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවක් විභාග කළ අනුරාධපුර මහේස්ත්‍රාත් කේ.එම්.ජේ.පී සමරසිංහ මහතා විසින් තලගල ආරච්චිගේ රත්නසිරි ජයන්ත හා කමල් පියසිරි යන කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් දෙදෙනාට වසර දහයකට අත්හිට වූ වසර දෙක බැගින් සිර දඬුවම් හා රුපියල් ලක්ෂ පහක් බැගින් වූ දඩ නියම කෙරුණා.

පුරා වසර 15 තිස්සේ පැවති නඩු විභාගයනික් අනතුරුව පිරමිඩ ජාවාරමට එරෙහිව පැවරු ප්‍රථම නඩුව වන එම නඩුවේ චුදිතයන්ට නියම දඬුවම අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබු අභියාචනා පෙත්සම් විභාගයේ දී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා පෙනී සිටියා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලු විනිසුරුවරයා ඒකී දඬුවම තහවුරු කරමින් නියෝගයක් නිකුත් කළා.

චුදිතයන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ දප්පුල ද ලිවේරා සහ ජනාධිපති නීතිඥ අභයරත්න යන මහත්වරු පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12