රාජ්‍ය සේවයේ යෙදී සිටියදී සිදු කළ අලුගුත්තේරු වැඩකට ලැබුණ අධිකරණ තීන්දුව

රාජ්‍ය සේවකයන් ලෙස රාජ්‍ය සේවයේ යෙදී සිටියදීම වැඩමුළුවක් පවත්වා පිරමීඩ ආකාරයේ නීතිවිරෝධී ව්‍යාපාරයක නියෝජිතයන් ලෙස කටයුතු කරමින් එකී ව්‍යාපාරයේ භාණ්ඩ ප්‍රවර්ධනය හා ප්‍රචාරය කිරීමේ චෝදනාවන්වලට වරදකරුවන් කරමින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකුට නියම කර තිබු දඬුවම තහවුරු කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද කාරියවසම් මහතා තීන්දුවක් නිකුත් කළා.

අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා විසින් මීට වසර පහකට පෙර එකී තින්දුව නිකුත් කර ඇත්තේ සියලු සාක්ෂි හා ලේඛන පදනම්ව චූදිතයන් බැංකු පනතේ 83 ඈ වගන්තිය අංගනය කර ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව වන බැවින් මහේස්ත්‍රාත්වරයාගේ එකී තීන්දුව රහිත කිරීමේ අවශ්‍යතාවක් තම අධිකරණයට නොපෙනෙන බව සඳහන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා එකී තීන්දුව නිකුත් කළ බවයි වාර්තා වන්නේ.

2005 දෙසැම්බර් 15 වැනිදා හෝ ආසන්න දිනයක දී පෙර කී බැංකු පනත උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවක් විභාග කළ අනුරාධපුර මහේස්ත්‍රාත් කේ.එම්.ජේ.පී සමරසිංහ මහතා විසින් තලගල ආරච්චිගේ රත්නසිරි ජයන්ත හා කමල් පියසිරි යන කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් දෙදෙනාට වසර දහයකට අත්හිට වූ වසර දෙක බැගින් සිර දඬුවම් හා රුපියල් ලක්ෂ පහක් බැගින් වූ දඩ නියම කෙරුණා.

පුරා වසර 15 තිස්සේ පැවති නඩු විභාගයනික් අනතුරුව පිරමිඩ ජාවාරමට එරෙහිව පැවරු ප්‍රථම නඩුව වන එම නඩුවේ චුදිතයන්ට නියම දඬුවම අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබු අභියාචනා පෙත්සම් විභාගයේ දී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා පෙනී සිටියා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලු විනිසුරුවරයා ඒකී දඬුවම තහවුරු කරමින් නියෝගයක් නිකුත් කළා.

චුදිතයන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ දප්පුල ද ලිවේරා සහ ජනාධිපති නීතිඥ අභයරත්න යන මහත්වරු පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03