රාජ්‍ය සේවයේ දීමනා පිළිබඳ දැනුම්දීමක්

අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව සහ විශ්‍රාම වැටුප් දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ඊයේ (10) දිනයේ අදාළ චක්‍රලේඛය නිකුත් කෙරුණා.

2024 අයවැය යෝජනා අනුව ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රජයේ නිලධාරින්ගේ ජීවන වියදම් දීමනාව වැඩි කළ යුතු ආකාරය එම චක්‍රලේඛයේ සඳහන්ය.

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් දැනට මසකට රාජ්‍ය සේවකයෙකු සදහා ගෙවනු ලබන රුපියල් 7,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 12,800ක් ගෙවිය යුතු වේ.අප්‍රේල් මාසයේ සිට රුපියල් 12,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 17,800ක් ගෙවිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන්ය.

අය වැය යෝජනාවලට අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් වූ හිඟ ජීවන වියදම් දීමනාව 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මාර්තු තෙක් මාසිකව රුපියල් 5,000 බැගින් ගෙවා අවසන් කළ යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දී ඇත. එමෙන්ම මේ වසරේ අප්‍රේල් මාසයේ සිට වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායකත්වය ලෙස සියයට 8ක මුදලක් අය කිරීමට ද කටයුතු කරන ලෙස එම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
5
+1
8
+1
2
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි..ප්‍රදේශයට ලොකු හානියක් කරන්න යන්නේ
02:23
Video thumbnail
හිටපු ඇමති චන්ද්‍රසේනටත් වැඩ වරදියි - නෑනගෙයි මස්සිනාගෙයි තනියට යන්න බඩු හදා ගන්නවා
04:24
Video thumbnail
චාමර සම්පත්ට ඉස්සරහට වැටෙන නඩුවක් ගැන මාලිමා මන්ත්‍රී කියයි - චාමර දැන් බයේ දඟලනවා
06:02
Video thumbnail
බංගලාදේශයේ යැයි කියූ දියණියගේ සහ ඉත්තෑවගේ බැඳීම - අම්මයි තාත්තයි මාධ්‍යයට හෙළිකළ දේ මෙන්න
07:44
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48
Video thumbnail
කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදා බේකරි නිෂ්පාදන කළ වෙළෙඳ සැලක් වටලයි - කල් ඉකුත්වෙලා අවුරුදු 3ක් වෙනවා
01:26
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09