රාජ්‍ය සේවක වැටුප් සඳුදා

රාජ්‍ය සේවක වැටුප ලබන සඳුදා (10) ලබා දීමට තීරණය කර තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග පැවසුවේ විශ්‍රාම වැටුප සහ සමෘද්ධි දීමනා ද එදිනම ලබා දෙන බවයි.

මාර්තු සහ අප්‍රේල් යන මාස දෙකේම වැටුප් සහ දීමනා ගෙවීම ගැටලුවක්ව තිබූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

මේ අතර 2023 පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා භාරදුන් රාජ්‍ය නිලධාරීන් සදහා වැටුප් ගෙවීමට අදාළ චක්‍රලේඛය ද නිකුත් කළා.

පසුගිය තුන්වනදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඊට අනුමැතිය හිමි වූ අතර ඒ අනුව මාර්තු 09 සිට අප්‍රේල් 25 දක්වා එම නිලධාරීන්ට හිමි මූලික වැටුප ලබාදෙනු ඇති.